සජිත්ගේ කැම්පේන් එකේ අර්බුදයක් ?

0
69

sajith-ralley_1එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හංසයා ලකුණින් තරග වදින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ප්‍රචාරක වැඩසටහන් තුනක් ක්‍රියාත්මක වන බව එජාපයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.
එක් ප්‍රචාරක වැඩසටහනක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එක්සත් ජාතික පක්ෂය විසිනුත්, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ වෙනුවෙන් තවත් වැඩසටහනකුත්, තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ප්‍රචාරක වැඩසටහනකුත් ලෙස මෙම කණ්ඩායම් තුන ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය.
මහජන රැලි, කුඩා රැස්වීම්, දැන්වීම්, සමාජ මාධ්‍ය හැසිරීම්, සම්මුඛ සාකච්ඡා වශයෙන් බෙදා එම ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
මේ අතර මේ ප්‍රචාරක වැඩ සටහන් අතර  සම්බන්ධිකරණයක් සිදුනොවිම එහි ප්‍රථිපල වලට මේ වන විටත් අයහපත් අයුරින් බලපා ඇති බවද වාර්ථා වේ.