හෙට සිට යාපනෙන් ඉන්දියාවට ගුවනින් යෑමේ වරම්! !

0
71
චෙන්නායි සිට පැමිණ පලමු ගුවන් යානය
චෙන්නායි සිට පැමිණ පලමු ගුවන් යානය

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතින් හෙට (17) පෙරවරු 10.00 ට විවෘත කෙරේ.

මේ අතර යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ඊයේ දිනයේ චෙන්නායි සිට පලමු ගුවන් යානය පැමිණ තිබුනේ පරික්ෂණ චාරිකාවක් ලෙසයIMG_20191016_064941

රුපියල් මිලියන 2250 ක වියදමකින් ඉදකළ මෙම පලාලි ගුවන් තොටුපල අදියර තුනක් යටතේ ඉදි කිරීමට නියමිතය.

මේ වන විට කිලෝ මීටර් 2.3 ක් දක්වා සම්පුර්ණ යෙන්ම ප්‍රධාන ධාවන පතය නිමකොට ඇත.

එහි AL 320, AL 321 වැනි ගුවන් යානා හැසිරිවීමේ හැකියාව ඇතැයි ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.

මේ අනුව හෙට සිට ඉන්දියාවේ ගමනාන්ත තුනක් සදහා ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇත.