ඩයිනා මාළු අල්ලන්න ලෙල්ලමට ආපු නේවි එකට වෙච්ච දේ ?

0
182

IMG-20191017-WA0012පිටිපන ලෙල්ලමේ අද ලොකු කෙලවල්ලන්ගේ මිළ සැලකිය යුතු අන්දමින් පහල ගොස් තිබුණි.එයට හේතුව වි තිබුනේ කල්පිටිය ප්‍රදේශයෙන් විශාල වශයෙන් මාළු තොග පැමිණ තිබිම හේතුවෙනි.මෙසේ පැමිණි කෙලවල්ලන් අද අලෙවි වුයේ රු 350ක් තරම් අඩුම මිලකටය.ලෙල්ලමේ දෛනික කටයුතු මේ ආකාරයෙන් සිදුවෙමින් තිබියදි හදිසියේම එහි පැමිණ සිටි නාවික හමුදාවේ බුද්ධි අංශයේ  නිළධාරීන් 4 දෙනෙකු ⁣එක මාළු ලෑල්ලක අලෙවිකරමින් තිබුන මාළු සියල්ලම වහාම ඔවුන්ගේ රථයට පටවන්න යැයි කියමින් අණකොට තිබුණිIMG-20191017-WA0012.හේතුව ලෙස පවසා තිබුනේ එසේ අලෙවි කරමින් තිබෙන්නේ ඩයිනමයිට් ගසා මැරු මාළුන් නිසා යැයි පසුව පවසා තිබුණි.කෙසේ වෙතත් කිසිදු පදනමක් නැතිව ඩයින මාළු යැයි ඔප්පු කරගැනිමකට පවා දැනුමක් නොමැතිවු අර බුද්ධි අංශ නිළදධාරින්ට ලෙල්ලමේ ධීවරයන් විසින්  දැඩිලෙස දෝෂාරෝපණය එල්ලකොට තිබුණි.වෙනදා මෙන්ම අද දිනයේද පෙරමුණ ගෙන තිබුනේ සංගීත් නම් මාළු ව්‍යාපාරිකයෙකු මෙන්ම නාගරික මන්ත්‍රීවරයාය..මුළු ලෙල්ලමම ඒකාවන්ව ⁣පෙළගැසෙන්නට ගතව තිබුනේ සුළු කාලයකි.එනපොට හොද නැතිබව දැනගත් නාවික හමුදාවේ උසස් නිලයක් දරන අයෙකු  පසුව පැමිණ සිය බුද්ධි අංශ නිළධාරින්ව මුදවා ගෙන රැගෙන ගොස් තිබේ.