Zero Mosquito ව්‍යපෘතිය අසාර්ථකයි !වැඩිම රෝගීන් දළුපතින්!

0
51

Dalupthoa-1052019 වසර මේ වන විට මිගමුව මහනගර සභා බලප්‍රදේශය තුල වාර්තා වි ඇති ඩෙංගු රෝගින් ගණන 500 ඉක්මවා තිබේ.මේ පිරිස අතුරින් 120 ක්ම වාර්ථා වි තිබුනේ ජුලි මාසයෙනි.
අගෝස්තු මස 15 වෙනි දින වන විට වාර්ථා වි ඇති ඩෙංගු රෝගින් ගණන 70 කි.මේ අනුව බලන කල අගොස්තු ,සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදි ඩෙංගු රෝගින් ගණන තවත් ඉහල ගොස් තිබේ.

මේ වසරේත් වැඩිම ඩෙංගු රෝගීන් නිමල් ලංසාගේ ගමෙන්IMG-20191018-WA0042

පසුගිය අගෝස්තු වන විට වාර්ථා වි ඇති මුළු ඩෙංගු රෝගින් ගණන වන 500 න් 120 ක්ම වාර්තා වි ඇත්තේ ඒත්තුකාල සහ දළුපත ප්‍රදේශවලිනි.
ඩෙංගු ඉහල අගයක් ගන්නා සෑම වසරකදිම වැඩිම ඩෙංගු රෝගින් ගණනක් වාර්ථා වන ප්‍රදේශය වන්නේ දළුපතය.
මීගමුව දශකයකටත් වඩා වැඩිකාලයක් පාලනය කරන නිමල් ලංසාගේ නිවස පිහිටා තිබෙන්නේද දළුපත විම මෙහි ඇති තවත් විශේෂයකි.
මීගමුව නගරාධිපති දයාන් ලංසා විසින් පසුගිය කාලය තුල දැවැන්ත ප්‍රචාරයක්ද ලබාදෙමින් Zero Mosquito නමින් නව ව්‍යාපෘතියක් දියත් කොට තිබුණි.

ඩෙංගු මර්ධනයට ගත් කම්කරුවන් පොහොට්ටුවේ දේශපාලන වැඩවල

මේවා සාධාරණිය කරමින් විශාල ව්‍යාපෘති කම්කරුවන් ප්‍රමාණයක්ද බදවා ගැණුනි.( සැබැවින්ම මේ කම්කරුවන්ව මේ දින යොදවා ඇතැයි වාර්ථා වන්නේ පොහොට්ටුවේ දේශපාලන වැඩවලටය.පසුගියදා මහර පැවැති රැස්විමටද කම්කරුවන් 150 ක් පමණ සහභාගි වි ඇත.)
මේ සියල්ල සදහා වැය වන්නේ මහජන බදුල මුදල්ය.
2017 වසරේදි නිමල් ලංසා විසින් දැවැන්ත ඩෙංගු මර්ධන වැඩ පිළිවෙලක් මිගමු මහනගර සභාවේ බදු මුදල් වැයකරමින් කරන්නට යෙදුණි..
දැවැන්ත මාධ්‍ය සංදර්ශණයක්ද වු ඒ වැඩසටහන සදහා මහජන බදු මුදල් රුපියල් ලක්ෂ 91 ක් වැය කොට තිබුණි.
කෙසේ වෙතත් මේ සියලු මුදල් වැය කිරිම් ,මාධ්‍ය සංදර්ශණ, ව්‍යාපෘති කම්කරුවන් බදවා ගැනිම්  හරහා හෝ මිගමුවේ ඩෙංගු පාලනය කර ගැනිමට ලංසා පාලනයට අද නොහැකි වි තිබේ.මෙයට අමතරව වසර 08 ක්ටත් වැඩි කාලයක් මිගමුව සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා වුයේ වත්මන් නගරාධිපති දයාන් ලංසාය.

අයියාගේ මනාප වෙනුවෙන් කටානටත් දුම්ගහන නගරාධිපතිකටානට දු

එහෙත් මිගමුවේ ඩෙංගු පාලනය සදහා සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමට අයියා මලෝ දෙන්නාටම නොහැකි වි තිබේ.
තතු එසේව තිබියදි එළඹෙන මහමැතිවරණයේදි නිමල් ලංසාට මනාප සේවිම සදහා කටාන ප්‍රදේශයට පවා ගොස් මිගමුවේ බදු මුදල් වලින් දුමායනය කටයුතු කිරිමට වත්මන් නගරාධිපති දායන් ලංසා කටයුතු කර තිබුණි..

කොන්ද පණ නැති විපක්ෂයක්
FB_IMG_1571445231669FB_IMG_1571445227308
මීගමුවේ බදුගෙවන ජනයාගේ ජිවිත පරදුවට තබමින් මේ සියළු සංදර්ශන පැවැත්විය හැකිව ඇත්තේ කොන්ද පණනැති විපක්ෂයක් මිගමුවට තිබිම නිසාය.
එජාප නාගරික මන්ත්‍රිලාගේ පුද්ගලික වාසි තකා මේ කිසිදු කටයුත්තක් කිසිම දවසක විවේචනය කර තිබුනේ නැත.
වත්මන් එජාප සංවිධායකවරයා යනු නගරාධිපති දයාන් ලංසාගේ රාත්‍රි මිතුරාය. කාවින්ද ජයවර්ධන කැමැති බොහෝ දැ සදහා වත්මන් නගරාධිපතිවරයාද කැමැති නිසා දෙදෙනා හවුලේ සිය රාත්‍රි විනෝදාංශ වෙනුවෙන් හාදවෙලා යමන් පනේ යැයි කියමින් මුළු මිගමුව අනතුරේ හෙළා ඇත.
සැබැවින්ම දෛවයේ සරදම වන්නේ මෙවරත් වැඩිම ඩෙංගු රෝගීන් ගණනක් නිමල් ලංසාගේ නිවස පිහිටි දළුපතින් වාර්ථා වි තිබිමය.මෙයට අමතරව ඩෙංගු මරණ 2 කක්ද මේ ප්‍රදේශයෙන් වාර්ථා වි තිබේ.
( නිමල් ලංසාගේ පවුලේ සාමාජිකයන්ට මෙය ගැටලුවක් නොවනුු ඇත්තේ ඔවුන් මේ වන විට ඕස්ට්‍රෙලියාවේ පදිංචිව සිටින බැවිනි.)