ලැජ්ජාව නැත්තේ සුදර්ශණිටද ? ලංසාටද ?

0
81

dr.sudarshaniහුලං අත බලා රුවල් දාන්නට කවදත් රුසියෙක් වු නිමල් ලංසා නම් වු තරුණ දේශපාලකයා එදා හුලං අත හමන අයුරු දැක්කේ කටාන දෙසිනි. ඒ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නම් වු දේශපාලකයා බලය තුලිනි.
ඒ නිසාම ඔහු එදා ජේයරාජ් ප්‍රනාන්දුපුලේ සිය දේශපාලන ගුරුවරයා සහා නායකයා ලෙසින් පිළිගත්තේය.
ඒ මතින් දැවැන්ත දේශපාලන ගමනකට එදා ලංසා අඩිතාලම දාගත්තේය.
හොද හැටි හම්බකර ගැනිමටද ඉඩ හදාගත්තේය.ජේයරාජ්ගේ සමිපයේහ ගැවසුන තවත් තරුණ කණ්ඩායමක් විය. ඒ් අයට එක රැයකින් දෙකකින් කෝටි පති වරම් ලබන්නට තරම් වාසනාවන්ත විය.
මිට වසර 12 කට පමණ සල්ලි පොලියට ගන්නට ගොස් පෝලිම්වල සිටි ක්‍රිඩා ගුරුවරයෙකු වු ඇවේන්ද්‍රා ධනේශ්  අද ප්‍රකෝටිපතියෙකි.
සුපිරි යාන වාහන මෙන් සුපිරි ගනයේ  හෝටල් කිපයකද ඔහු හිමිකාරියෙකි.Minister Jeyaraj Fernandopullejeyaraj1
මගුල් ගෙවල් වල කෑම පිඟානක් රුපියල් 50000කට මිළ කළද ඒ තරම් සල්ලිකාරයෙකු විමට ඔහුට නොහැකිය.එහි රහස දන්නේ ජේයරාජ් සහ ඔහු සමිපයේ උන් කඩවසම් තරුණයන් කිපදෙනාය.
කෙසේ වෙතත් රාජපක්ෂලාගේ බස්නාහිර පළාත් ආගමනයත් සමගින් උසවා තබන්නට හැදු බැසිල් රාජපක්ෂට ජෙයරාජ් සැබැවින්ම අභියෝගයක් විය.
කෙසේ වුවද ජෙයරාජ්ගේ මේ දේශපාලන ජනප්‍රියත්වය නිසාම ඔහුට අවාසනාවන්ත ලෙසින් ජිවිතයෙන්ම වන්දි ගෙවන්නට එදා සිදුවිය.
තම දේශපාලන ගුරුවරයා අහිමි වු ලංසා ඉන් අනතුරුව මාරුවෙන්නේ බැසිල් රාජපක්ෂ ලගටය.mahinda-rajapaksa-basil-rajapaksa-2010-4-4-12-50-29-colombotelegraph
ඒ ජෙයාරාජ්ගේ වැන්දඹු බිරිඳවද දේශපානික තනිකර දමමිනි.
එතැන් පටන් ලංසා බැසිල් සුසංයෝගය සල්ලි මැෂිමක් නිර්මාණය කර තිබුණි.මිස්ටර් 10%ගේ බඩියා බවට පත්වු ලංසාට උඩට නැගිමට  ඉඩසැලසු ඉණිමග එහෙම පිටින්ම අමතක විය.sudarshani
එතැන් සිට ගිණිකණ වැටුන ලංසාට සුදර්ශණි අමතක වුනා පමණක් නොව 2015 මැතිවරණයේදි කළගුණ නොදත් ගුණමකුවෙකු ලෙස හැසිරෙමින් සුදර්ශණිව දේශපාලනිකව අනාථ කිරිම සදහා උපරිම වශයෙන්  කුමන්ත්‍රණ කලේය.
කුමන්ත්‍රණකාරිත්වය එකම දේශපාලන භාවිතාව කරගත් ලංසා දැන් දෛවයේ සරදමකට මුහුණ දි ඇත.
ලංසා කිඹුල් කදුළු හෙලන්නේ තමන් හොද කිතුණුවෙකු යැයි පුරසාරම්ද දොඩමමිනි.
එහෙත් සැබැවින්ම ඔහු ක්‍රියාවෙන්ම  ඔප්පු කර ඇත්තේ ලංසා යනු කිතුණුවෙකු නොව ගුණමකුවෙකු බවය.
මේ අනුව ලංසාට අද මිගමුවේ කිසිදු ප්‍රධාන පෙලේ දේශපාලකයන්ගේ සහය නැත.
ඉන්නේ එජාපයද ඇතුළු නාගරික මන්ත්‍රි වහල්ලු ටිකකි.
කටාන යන්න බැරිය.ඒ ආනන්ද හරිස්චන්ද්‍ර නිසාය. දිවුලපිටිය පැත්ත පළාතකට එන්නට ඉන්දික අනුරුද්ධලා ඉඩ දෙන්නේ නැත. ජාඇලෙන්ද කැපි ඇත.කැළණියේ ප්‍රසන්න රණිවිරලා පන්න පන්න ගහන්නට තරම්ලංසාව පිළිකුල්ය.වත්තල නීල් රූපසිංහ කියන්නේ ලංසා වත්තලදි ගුටිකැමට නියමිතව සිටින බවය.

රැනෝවේල් හෝටලය විවෘත කළ දා
රැනෝවේල් හෝටලය විවෘත කළ දා

ඒ අනුව ලංසා දැන් අසරණය.ලැජජාවක් නැති ලංසා දැන් යළිත් සුදර්ශණිගේ සරණ සොයා ගොසින්ය.
කටාන ආසනයෙන් බාල්දිකොටුවේ රැස්විමට බස් 4 ක් එන්නේ ඒ අනුවය.
ආනන්ද හරිස්චන්ද්‍රාගේ දේශපාලනික ප්‍රහාරයන් හමුවේ තනිවි ඇති සුදර්ශණිටද දැන් පිළිසරණයක් ඇවැසි කාලයකි.
ඉතින් අපි අසන්නේ ලැජ්ජා නැත්තේ කාටද කියාය.
එල්.වනිගරත්න
කටාන