අවුරුදු හැත්තෑවක දේශපාලන ඉතිහාසයක් කතා කරපු රටේ අදටත් අපිට කතා කරන්න වෙලා තියෙන්නේ දුප්පත්කම ගැනනම් ඊළඟ ජනාධිපතිවරයා හදන්නෙත් දුප්පත්කම මාකට් කරලා නම් අපේ රටේ දේශපාලනය ගැන තරුණයෝ විදහට නම් කිසිසේත්ම සතුටු වෙන්න බැහැ. ඒ නිසා දුප්පත් කමට බෙහෙත් දීලා ඔබතුමා ජනාධිපති වුණොත්, 2025 ජනාධිපති වේදිකාවට සජිත් ප්‍රේමදාස එන්නේ ආයිත් දුප්පත්කමට බෙහෙත් දෙන්න නම් සජිත් ප්‍රේමදාස අසාර්තකයි. ඒ නිසා ඔබතුමාට සැරට බෙහෙත් දෙන්න සිද්ධවෙනවා. තවදුරටත් මේ රටේ ජාතික තාරුණ්‍ය රවට්ටන්න දෙයක් ඉතුරුවෙලා නැහැ ඒ නිසා ඔබතුමාට මේ පාර ඇත්ත කරන්න සිද්ධ වෙනවා. කොටින්ම කිව්වොත් නොවැම්බර් 16 වෙනිදා ඔබතුමා ජනාධිපති වුණොත් 17 වෙනිදාට සැප ගන්න රටක් ඔබටවත් මටවත් ඉතුරු වෙලා නැහැ ජනාධිපති අපේක්ෂකතුමනි ඒ නිසා පැහැදිළිවම වැඩ කරන රටක් හදන්න ඔබතුමාට සිද්ධ වෙනවා. ඒක පළවෙනි කාරණාව ඒ තරමට අපි දුප්පත්. කොච්චර දුප්පත්ද කිව්වොත් මේ රටේ උපදින්න ඉන්න දරුවා පවා නයකාරයෙක් වෙලා ඉවරයි. ඒ තත්වය එහෙම වුණත් අපි තවමත් අවුරුදු දෙදහස් පන්සියයක වංසේ කබල් ගාමින් ඉන්නවා. අපි හරි ප්රෘඩයි හැබැයි දුප්පත්. ඔබතුමා ඇඩ්ඩ්‍රස් කරපු තැන හරි හැබැයි එතනට හරියට ට්‍රීට් කරන්න ඔ්නේ. තවදුරටත් මේ රට දුප්පත් වෙනවා නම් ඔබතුමා අසමත්. මගේ අනිත් කාරණාව ලංකාවේ දේශපාලනය තුළ හරිම ජනප්‍රිය කාරණාවක් තියෙනවා ඒ තමයි පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහම එපා කියන එක.
පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහම එපා කියන එක කවුරුහරි ඇඩ්වටයිසින් කම්පැනි එකකින් හදපු කතාවක් කියලා මේ රටේ හැමෝටම තේරෙන්නේ නැහැ. නමුත් ඒක තේරෙන පිරිසක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ 225 අයින් කරා කියලා සහෝදරවරුණි එතනට යන්නේ ඔබවත් මමවත් නෙවෙයි. ඒකට යන්නෙත් ඒ හිතවත් අයම තමයි. ඒ නිසා 225 අයින් කරලා ඒකට වෙන ඔප්ෂන් එකක් නැහැ. හැබැයි ඔකෙන් අයින් කරන්න ඔ්න සීයක්වත් ඉන්නවා ඉතින් පැහැදිළිවම. මේ රටේ මහජන මුදල් කොල්ලකන, මේ රටේ ජනතාවට බොරු කියන 100 ක් වත් ඉන්නවා පාර්ලිමේන්තුව පැත්තපළාතකට වැද්දගන්නවත් හොඳ නැති එවුන්. ඒ නිසා ඒ 100 යත් පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න ඔබ තුමාට වැඩ කරන්න සිද්ධවෙනවා. ඒක හොඳයි ඇබැයි ඒකේ කණුගාටුදායක කාරණාව මෙන්න මේකයි. එහෙම සීයක් ඉන්නවා නම් ඒ සීයෙන් පනහක් කැමති ඔබතුමා ගාවට එන්න. ඒ නිසා ඒ සීයෙන් පනහත් ඔබතුමා අයින් කරන්නට ඔ්නේ. ඔබතුමා මේ රටට පොරොන්දුවක් දෙන්නට ඔනේ ඊළඟ පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙනකොට හොරුන්ට නාමයෝජනා දෙන්නේ නැහැ කියන පොරොන්දුව. මේක දීල දීල ඇතිවෙලා තියෙන්නේ. හැබැයි විශ්වාසයෙන් මේ පොරොන්දුව දෙන්න ඔ්නේ.ඒ වගේම මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙන එකෙකුටවත් නාමයෝජනා දෙන්නේ නැහැ කියන පොරොන්දුව දෙන්න ඔබතුමාට හයිය තියෙන්නට ඔනේ.
ඒ වගේම මේ රටේ මේ අත්පුඩි ගහන මේ හුරේ කියන මේ කොල්ලො කෙල්ලෝ බදු ගහලා බස්වල කෝච්චිවල අමාරුවෙන් යද්දී මේ රටේ මැති ඇමතිවරුන්ට අලුත් වාහන අරන් දෙන්නේ නැහැ කියන්න ඔබතුමාට පුළුවන් වෙන්න ඕනේ.
ඒක තමයි මේ රට ඉතාම සත්භාවයෙන් බලාපොරොත්තු වෙන කාරණාව. එහෙම නැතුව හොරු රැළක් එක්ක ඉස්සරහට යන්න දේශපාලන සංස්කෘතියක් ඔබතුමා නිර්මාණය කළොත්, ඔබතුමා රණසිංහ ප්‍රේමදාසගේ පුතා නෙවෙයි බන්දුල ගුණවර්ධන කියන විදිහට සක්කරයගේ පුතා වයිමා වුණත් මේ රට ඉස්සරහට ගෙනියන්න ඔබතුමාට බැහැ.ඒ නිසා මේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඔබතුමා කරන්නේ මොනවද කියන එක අපිට මේ ප්රඥප්තිය වෙලාවේ පැහැදිළිව කියන්න ඕනෙ. ඒක ඉතා විශේෂයි. මිට වඩා දුරදිග කතාවක් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. තව එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව විතරක් මතක් කරනවා. මගේ කළ්‍යාණ මිත්‍ර එරන්ද මීටවඩා දෙයක් කියපු නිසා හිතනවා මේ ගැන කියන්න හොඳයි කියලා. ලංකාවේ දේශපාලන වේදිකාවල මේ දවස්වල උණු කැවුම් වගේ විකිණෙනවා, ජාතිය, ආගම, සහ දේශප්‍රේමය. ඒවා හරි අඩුමිලට අරපැත්තේ කඳවුර තුළ විකුණනවා. ඒක නිසා මේකට ටිකක් බරපතල විදිහට උත්තර දෙන්න ඔබතුමාට සිද්ධවෙයි. මම මෙහෙම කියන්නම්. ආගමට උත්තර දෙනකොට ජනාධිපති අපේක්ෂකතුමනි, හැම පන්සලක්ම නඩත්තු කරන එක ඔබතුමාගේ යුතුකම වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඒකත් නෙවෙයි රැල්ල. බුදු හාමුදුරුවෝ කියපු බණට පිටින් වෙනත් බණක් ලොකු හාමුදුරුවෝ කියනවා නම් ඒ ලොකු හාමුදුරුවන්ට අමුතු වරප්‍රසාදයක් දෙන්න ඕනේ නැහැ දේශපාලන පක්ෂය මොකක් වුණත්. බුදුහාමුදරුවෝ කිව්වේ මෛත්‍රිය නම් හාමුදුරුවෝ වපුරන්නේ වෛරය නම් ඒ පන්සලට දේශපාලන බලපෑමක් තියෙනවා නම් ඒ පන්සල නඩත්තු කරන්න ඕන නැහැ. ඒකයි ඇත්ත කතාව. අපිට ඕනෙ අවංක බෞද්ධ සමාජයක් නිර්මාණය කරන්න. මේ සමාජය බෞද්ධ කරනවා කියන්නේ මිනිසුන්ගේ හදවතේ බුද්ධාගම රජ වෙන්න ඕනෙ.
නැතුව හාමුදුරුවන්ගේ වාහනේට වීඅයිපී ස්ටිකර් එක හදලා වැඩක් නැහැ. එහෙම වැදුනා කියලා මේ රටේ බුදුදහමට කිසිම ප්‍රගතියක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගකිමත් ඔබතුමා බාරගන්න ඕනෙ. පන්සල විතරක් නෙවෙයි, පල්ලිය ඇතුලේ අන්තවාදය වැහිවහනවා. මේක අරාබි කොළනියක් කරන්න අවශ්‍ය අය එහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා. ඒ නිසා ඒ සියලු දෙනාට සෘජුව උත්තර දෙන්න ඔබතුමාට පුළුවන් වෙන්න ඔ්නේ. ඒ නිසා තවදුරටත් මේ රටේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා නම් අපි හීන මිලදී ගන්න සූදානම් නැහැ. මම අවසාන වශයෙන් කියන්නේ, එරන්ද කිව්වා මේ දකුණු ආසියාවේ පළවෙනි වතාවට, ලංකාවේ පළවෙනි වතාවට අපේක්ෂකවරයෙක් ප්‍රඥප්තියකට අත්සන් කරන්නේ කියලා. ඒක හොඳයි නමුත් මේ ප්රඥප්තියේ ඔබතුමා දෙන පොරොන්දු කැඩුවොත් සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙලා හිටියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් රැකවරණය නොලබා අවශේෂ කිසිදු නීතියකින් රැකවරණය නොලබා සජිත් ප්‍රේමදාසට විරුද්ධව නඩු දාන්න අපිට අයිතිය ඕනෙ.
ඒ නිසා ඔබතුමා එකතැනකදී කිව්වා, යුද්දේ කරේ කවුද කියලා ඇහුවම එක අපේක්ෂකයෙක් කිව්වනේ මම නෙවෙයි කියලා. ඔබතුමා ඒ කතාව අහලා ප්‍රසිද්ධියේ කිව්වා ඔ්න තොන්ඩුවක් මම බෙල්ලේ දාගන්නවා රට වෙනුවෙන් කියලා. මේ තොන්ඩුව බෙල්ලේ දාගන්න. මේ සියල්ලට උත්තර දෙන්න. මීට වඩා දීර්ඝ කතාවක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගෙ කතාව ටිකක් අමුයි. ඒක ඒ තරම් දේශපාලන වේදිකාවට සෙට් වෙන්නෙත් නැහැ ඒක මම දන්නවා. මට දේශපාලන වේදිකාවකින් මොනවත් ඕනත් නැති නිසා ඒක ඒ තරම් ගානකුත් නැහැ. මම මෙහෙම කියලා මේ කතාව ඉවර කරනවා. අපිට දේශපාලඥයෝ රජ කරපු හැටි දැකලා ඇති වෙලයි තියෙන්නේ. හැබැයි අපිට දේශපාලඥයෝ වැඩ කරන හැටි බලන්න ආසයි එහෙම එවුන් පේන්ඩ ඇත්තෙම නැහැ. ඒ නිසා එහෙම සංස්කෘතියක් නිර්මාණය කරන්න ඔබතුමාට පුළුවන් නම් ඔබතුමා ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපති වෙනවා ඒක බොහොම විශ්වාසයි. සජිත් ප්‍රේමදාසට ජය.
newstube.lk