මීගමුව ශ්‍රිලනිප සංවිධානය දැන් බරපතල අවුලකට ගොස් ඇත්තේ ආසන සංවිධාකයන් දෙදෙනාම ගෝඨා විරෝධි ප්රතිපත්තියක පිහිටා කටයුතු කරමින් තිබිම නිසාය.
මේ අනුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් හිටපු ජනපතිණියගේ නායකත්වයෙන් ගොඩනැගෙන අපි ශ්‍රිලංකා සංවිධානය හා එක්ව සිටින අතර හිටුප පළාත් සභා මන්ත්‍රි මිගමුව ශ්‍රිලනිප සම සංවිධායක එම්.සකාවුල්ලා මේ වන විට ලංසා පවුලේ කුමන්ත්‍රණකාරි දේශපාලනයට විරෝධය පළකරමින් නිහඩ පිළිවෙතක නිරතවය සිටින අතර නොබෝ දිනකින් පෙරළිකාර දේශපාලන තීන්දුවක් ගැනිමට ඉඩ ඇති බවටද වාර්ථා වේ.
මේ පසුබිම තුල ලංසා පවුලේ දේශපාලන රූකඩයක් බවට පත්ව සිටින මිගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆරිස්ව යොදා ගනිමින් නිමල් ලංසා ශ්‍රිලනිපයද හසුරුවන්නට පටන් ගෙනය .
පසුගියදා අලිසබ්රි කැදවා පෙරියමුල්ල ශකීර් ශාලාවේ රැස්විමක් සංවිධානය කර තිබුණ අතර එයට පැමිණ සිට ඇත්තේද ඉතාමත් සුළු පිරිසකි
එයට හේතුව වන්නේ ෆරිස් මෙන්ම නිමල් ලංසාද ගෝඨාද මුස්ලිම් ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කරමින් තිබිමය.
මේ අතර ලංසා පවුලේ මුදල් නිසා ගිණිකණ වැටි සිටින ශ්‍රිලනිප ඇහින්දාස් මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් මේ වන විට මිගමුවේ ශ්‍රිලනිප සංවිධායකධුරයට පොරකමින් සිටින බවද වාර්ථාවේ.
මේ අය සිය ලේ අත්සන පවා පාවාදුන් අය ලෙසින් මිගමු දේශපාලනය ඉතිහාසයකට එක්වි හමාරය.