පිටි මිලේ කිසිඳු වෙනසක් නැහැ! පරාජිතයින්ගේ බංකොළොත් දේශපාලනය හෙළා දකිනවා. – මුදල් ඇමති මංගල සමරවීර

0
56

mangala-2-800-04-11-19

තිරිගු පිටි මිල ඉහල දැමීමට නියමිත බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටී. ඒ අද (15) මාතර දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි. එමෙන්ම ජනාධිපතිවරණයේ නියත පරාජය හමුවේ වියරු වැටි සිටින හිරු සහ දෙරණ නාලිකා ඉතාමත් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බව සදහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසටද මහජනතාවගෙන් ඉල්ලා සිටි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා:

“පිටි මිල සම්බන්ධව පල කරල තියන මාධ්‍ය වාර්තා අසත්‍ය එකක්. මේක Fake නිවුස් එකක්. එක පැත්තකින් මෙහෙම මිලේ වෙනසක් කරන්න කැබිනට් මණ්ඩලය විසින් පත් කරනා ලද ජිවන වියදම් කමිටුවේ නිර්දේශ අවශ්‍යයි. ඒ වගේම පාරිභෝගික අධිකාරියේ නිර්දේශ අවශ්‍යයි. එසේ කිසිදු අවසරයක් නොමැති වෙලාවක දේශපාලනික වශයෙන් පරාජයට පත්වන ගෝඨාභය රාජපක්ෂට වාසියක් ගන්න කරපු බංකොලොත් උත්සහයක් හැටියටයි මම දකින්නෙ.

ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන අද රාත්‍රියෙන් පස්සේ කවුරු හෝ පිටි මිල වැඩි කරල තිබ්බොත් ඒ අයට විරුද්ධවත් තදබල ලෙස අප නිතිය ක්‍රියාත්මක කරනවා’’ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කරනා ලදී.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්දව මැතිවරණ කොමසාරිස්වරයා දුරකථන මාර්ගයෙන් මුදල් අමාත්‍යවරයා විසින් දැනුවත් කර තිබෙනා අතර මේ සම්බන්දව ලිඛිත දැනුවත් කිරීමක්ද සිදු කිරීමට නියමිතය. එමෙන්ම මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් මහජනතාව දැන දැනම නොමග යවනා මෙම නාලිකා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මැතිවරණ කොමසාරිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.