මැතිවරණය අස්සේ ඩෙංගු පිමි පණිමින් ඉහලට ! මීගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 177 ක් !

0
80

dengu-wrd-1ගෙවුණ මැතිවරණ සමය තුල මිගමුවේ සහ අවට ප්‍රදේශවලද ඩෙංගු පාලනයට බරපතල අවධානයක් යොමුකිරිමට අදාල පළාත් පාලන ආයතනය අපොෙහාසත්ව තිබුණි.
විශේෂයෙන්ම මීගමුවේ විශාල මුදලක් වැය කරමින් සේවයකයන් රැසක් ඩෙංගු පාලනය සදහා යොදවා ගෙන තිබුණද පසුගිය  කාලය තුල ඔවුන් කලේ ඩෙංගු පාලනය කිරිමට ගම්වලට ගොස් කටයුතු කරනවා වෙනුවෙට පොහොට්ටුවේ මැතිවරණ කටයුතු වල නියැලිමය.
මේ අනුව මීගමුව හා අවට ප්‍රදේශවල ඩෙංගු රෝගීන් ගණන මේ වන විට සීඝ්‍රයෙන් ඉහල යමින් තිබේ.මෙහි ප්‍රථිපලයක් ලෙස මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් ඉහල යමින් තිබේ.අද දිනය වන විට එම සංඛ්‍යාව177ක් බවට පත්ව තිබෙන අතර විශේෂ ඩෙංගු ඒකකයේ සියළුම ඇදන් ආසාධ්‍ය තත්වයේ රෝගීන්ගෙන් පිරියමින් ඇති බවද වාර්ථා වේ.