මීගමුවට බෝම්බ ගහන්න ඕනේ කියන අයට දිනේශ් ගෙන් පට්ට උත්තරයක් !

0
53

Screenshot_20191118_135109

ලංකාවේ සැබෑ කලාකරුවන් සිටීනම් ඒ අතලොස්සකි. ඒ අතලොස්සක් වූ කලාකරුවන් අතර දිනේෂ් සුභසිංහ යනු දක්ෂ සංගීත වේදියෙකි .
ඔහු මීගමුව නගරයේ අපේ ගම්වැසියෙකු ලෙස බිහිවීම අපටද ආඩම්බරයකි .
මේ දිනවල ඔහු අධ්‍යාපන කටයුතු සදහා ජපානයට ගොස් සිටි.දිනේශ් 1

මීගමුව නගරයේ පැවති සාමකාමි වාතාවරණය අනුව සිංහල , මුස්ලිම් , දෙමල සියළු ජාතීන් එකට එකතුවී ජීවත්වන නගරයක් ලෙස හඳුන්වනු ලබන දිනේෂ් එම පරිසරය විනාශවූ ආකාරය ගැන ඉතාමත් පැහැදිළි සත්‍යයක් අප හමුවේ තබයි .
එක්තරා අවධියක මේ නගරයේ තරුණ පිරිස් කල්ලි ගැසී වැරදි ජීවන රටාවකට හැඩ ගැසෙමින් , තම දෙමව්පියන්ටද කරදරයක් වෙමින් , පැවති වාතාවරණය ගැන අපි හොඳින් අත්දැක්කෙමු . එසේම දේශපාලනික වශයෙන් ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ සිදුවූ සමාජවිරෝධී ක්‍රියාවන් අපි අත්දැක්කෙමු . නමුත් මේ කිසිවක් සඳහා ප්‍රසිද්ධියේ විරුද්ධවීමට මිනිස්සු අපොහොසත් වුවද මෙවර මැතිවරණය ඒ සඳහා අවස්ථාවක් කරගෙන ඇති බව පෙනේ.
නමුත් දිනේෂ් ප්‍රකාශ කරන්නේ එවන්වූ තත්වයක් නිර්මාණයවූ නගරයක , තමන් ජීවත්වන කටුවපිටිය ගමේ සිදුවූ බෝම්බ පිපිරීමත් මැතිවරණයත් අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් , ඒනිසා එය පදනම් විරහිත අදහස් මගින් හැසිරවීම වැරදි සහගත බවත්ය .
මේ ඒ සම්බන්ධව ඔහු දැක්වූ අදහසකි ..

” අපේ ගම් ප්‍රදේශය මීගමුව . බෝම්බයට මුහුණ දීපු ගම තමයි කටුවපිටිය . මගේ ගම. මීගමුව කියන නගරය අපි දන්නවා සියළු ජාතීන් බර්ගර් , සිංහල , දෙමල , මුස්ලිම් සහ මැලේ සියළු ජාතීන් ජීවත් වෙනව. මීගමුව කියන ඡන්ද බල ප්‍රදේශයේදි ප්‍රධාන පෙරියමුල්ල වගේ අපේ මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශ මූදුකරයේ පැත්ත ගත්තහම ද්‍රවිඩ ජනතාව වෙසෙන පැති, මේ සියළු දේම අයිති පළාතක්.
ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ ඡන්දය මිනිස්සු පාවිච්චි කරන විදිහට අපි මංහිතන්නෙ ගරු කරන්න ඕනෙ . ඒ වගේම විවිධ දේශපාලන පක්ෂවල දේශපාලනය කරන පුද්ගලයින් පසුගිය කාලවල කරපු දේවල් මේ නගරයේ ජනතාව අධ්‍යයනය කරල තියෙනවා . විශේෂයෙන් ස්මගලින් ( හොර ජාවාරම් ) වගේ දේවල් . ඉතින් මේව කරේ කව්ද ? මේව ජනතාව දන්නවා . ඉතින් එවැනි දේවලිනුත් ජනතාව බේරෙන්න හදන අවස්ථාවක් ති⁣යෙනවා . ඒ වගේම මතක තියාගන්න මේ නගරය ගත්තහම එක එක දේශපාලකයින් කරල තියෙන මේව අස්සෙ තියෙන ගනුදෙනු අපි දන්නවා .
මේ රටේ කලාකරුවන් යැයි අප හිතන් ඉන්න බහුතරයක් සැබැවින්ම නළාකරුවන් පමණක් බව ඇස් පනාපිටම ඔප්පු වෙද්දි දිනේශ්ගේ මේ අවංක කමට අපි සැබැවින්ම හිස නමා ආචාර කරමු .


බෝම්බ කථා කියන අයට දිනේශ් සුභසිංහ දිපු පට්ට උත්තරය