ගම්මන්පිල කැපෙයි ?

0
72

gammanpilaපොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මාධ්‍ය සාකච්ජා තුල මෙන්ම මැතිවරණ වේදිකාවේද සැලකිය යුතු මැදිහත්විමක් කරමින් සිටි උදය ගම්මන් පිළ නව කැබිනට් මණ්ඩලයේ ඇමතිකමක් හිමිව නැත. .
මැතිවරණය තෙක් පැවැත්වෙන බාරකාර රජයක් සදහා අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ඇතිව තිබේ.

මේ ගැන අදහස් පල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ තමන් ස්වෙච්චාවෙන්ම ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා ඇමති ධූරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව විමල් විරවංසට අයත් ලංකා සි නිව්ස් වෙබ් අඩවිය විසින් දක්වා තිබේ.

අන්තර්කාලීන රජයේ ඇමතිධුර ඉතා සීමිත කිරීමට තීරණය කර ඇති නිසා එම ඉඩ පහසුකම් ඇති කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවද ගම්මන්පිල මහතා සඳහන් කර ඇතැයි ලංකා සි නිව්ස් වෙබ් අඩවියේ සදහන්ය.