ජනපතිතුමෙනි මිගමුව රෝහලට ගලිය යවන ලෙස ඔබේ නගරාධිපතිට අණ කරන්න !

0
77

dayan gotaමීගමුව රෝහලේ වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කිරිම දැන් සති ගණනක පමණ පමාවකට ලක්ව ඇත්තේ මිගමුව නගරාධිපති වරයා ඒ කටයුත්ත සදහා නිසි මැදිහත්විමක් සිදුනොකර තිබිම නිසාය. එයට හේතුව මේ වන විට එළිවෙමින් තිබේ.
ගලිය යැවිමට නිසි පරිදි මිගමුව රෝහලේ බලධාරින් විසින් නගරාධිපති සර් අමතා ඉල්ලිම් කළ යුුතු වන බවට රාවයක්ද මේ වන විට රෝහල තුල පැතිර යන්නට පටන් ගෙන ඇති  බැව් සැලය.
පොදු ජන පෙරමුණේ ජනපතිගේ ප්‍රතිපත්තිය වන්නේ විනය ගරුකව ජනතාවට සේවය කරන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්නටය.ව
එහෙත් මිගමුවේ මේ ජනතා සේවය ක්‍රියාත්මක කරවිමට නම් නගරාධිපති සර්ට දැන් පින්සේන්දු විය යුතු තත්වයක් මිගමුව තුල නිර්මාණය වෙමින් තිබේ.
මිගමුවේ ගලි ප්‍රශ්ණය තුල ඉතා පැහැදිලි ලෙසින් මෙය දකින්නට ලැබුන  බව දැන් මිගමුවේ රෝහල තුලම ප්‍රසිද්ධ රහසකි.
අදාල බල ප්‍රදේශයේ මළඅපවහන ඉවත් කිරිම ආදල පළාත් පාලන  ආයතනයේ වගකිමකි.ඒ වෙනුවෙන් නගරාධිපති සර් ට අමුතුවෙන් ඇමතුම් දි ඉල්ලිම් කළ යුතු නැත.
එහෙත් මිගමුව රෝහලේ උගත් බළධාරින් හට අද මිගමුවේ යන්තම් නගරාධිපතිට ගලිය එවන ලෙස බැගෑපත් වන්නට තරම් තත්වයක් උදාවි තිබේ.
මෙය සැබවින්ම ලැජ්ජාවකි.
නව දේශපාලන සංස්කෘතියක් හදන්නට යන ගෝඨාභය රාජපක්ෂ මිගමුවෙන්  ඒ දේශපාලන සංස්කෘතිය හදන්නට පටන් ගත යුතුව තිබෙන්නේ අයියා මලෝ දේශපාලනයෙන් දැන් මුළු මිගමුවම හෙබ්බත්ව සිටින බැවිනි.