‘මීගමුවේ මත් උවදුර මැඩපැවැත්විය නොහැක්කේ දේශපාලකයින්ගේ අතපෙවීම් නිසයි,

0
117

මිගමුව ප්‍රෙද්ශයේ  මත්  උවදුර සහ දුරාචාරයන් මැඩපැවත්වීම  සදහා ක්‍රියාමාර්ග ගැනීමේ
සාකච්ඡාවක්  දොන් බොස්කෝ පියතුමන්ලාගේ  මූලිකත්වයෙන්  දුන්ගාල්පිටිය දොන්බොස්කෝ ආයතනයේදී සිදුවිය. එම සාකච්ඡාවේදී අදහස් දක්වමින් අනුනායක පැට්‍රික් පියතුමන් පවසා
සිටියේ ‘‘ මීගමුව ප්‍රෙද්ශයේ මත්ද්‍රව්‍ය උවදුර සහ දුරාචාරයන් මැඩපැව්ත්වීම කළ නොහැක්කේ දේශපාලකයින්ගේ අත පෙවීම් නිසා බවයි.
එම අවස්ථාවට සහභාගී වූ ආනන්ද විතාන පියතුමා  පවසා සිටියේ
අද  මීගමුවේ මත්ද්‍රව්‍ය උවදුර සහ දුරාචාරය ව්‍යාපත්වී ඇති ආකාරයත් ඒවා සිදුවන
ආකාරයත් දෙස බැලීමේදී  පෙනීයන්නේ මීගමුවේ පොලීසියක් නැති  බවයි.
මෙම ප්‍රෙද්ශයට විශාල තර්ජනයක් වී ඇති මෙම ප්‍රශ්නය විසදීම පිළිබදව විවිධ අදහස් හා යෝජනා  ඉදිරිපත් වූ අතර   සහභාගී වූ ජනතාව අතරින් මතුවූ අදහසක් වූයේ  මත්උවදුර සහ අනෙක් දුරාචාරයන් මැඩපැවැත්වීමට බාධාවක් වී ඇත්තේ ද ඇතැම් පොලිස් නිලධාරීන් බවයි.
මෙම අවස්තාවට මීගමුව පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති, මීගමුව සහකාර
පොලිස් අධිකාරී ආනන්ද  අල්විස් යන මහත්වරුන් සහ කලාපීය අනුනායක පැට්‍රික් ප්‍රනාන්දු පියතුමා සහ ගොන්සාල්වේස් විදුහල්පති ආන්නද විතාන පියතුමා  ද සහභාගී විය.