මීගමුට ආඩම්බරයක් ! Dilmah ලේලියට ඉහල තනතුරක්!

0
490

KImali Fernandoරාජ්‍ය ආයතන කිහිපයක් සඳහා මේවන විට සභාපතිවරු තෝරාගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය,  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් සමගම යන ආයතන සඳහා සභාපතිවරු තෝරාගෙන ඇති බව වාර්ථා වේ.

image a4266f3780

ශ්‍රී  ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කිමාලී ප්‍රනාන්දු මහත්මිය නම්කර තිබෙන බවයි වාර්තා වන්නේ. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ කාන්තාවක් වන අතර ඇය ප්‍රකට ඩිල්මා (Dilmah Tea) සමාගමේ හිමිකරු වන මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ ලේලියි.
ලෝකප්‍රකට ඩිල්මා තේ සන්නාමයේ හිමිකරු වන මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා මිගමුවේ පල්ලන්සේන මුල්ගම කොට ගත් අයෙකි.

ඩිල්මා තේ හිමිකරු මෙරිල් ප්‍රනාන්දු
ඩිල්මා තේ හිමිකරු මෙරිල් ප්‍රනාන්දු

මේ අතර ඇය පෑන් ඒෂියා බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය ද වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ලෙස තෝරාගැනීමට පෙර ඇය මහජන බැංකුවේ සභාපතිනිය ලෙස තෝරාගෙන තිබුණ බව වාර්ථා වුනද කෙසේ වෙතත් සංචාරක කර්මාන්ත්යේ උන්තිය පතා ඇගේ කෘතහස්ත බව ආයෝනය කරන්නට රජය කල්පනා කොට තිබේ..

කීල්ස් සමගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස තෝරාගෙන තිබේ.

සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක්ද වෙයි.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙසද කටයුතු කර ඇති ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සහිත තැනැත්තෙකි.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් සමාගම සඳහා ව්‍යාපාර ලෝකයේ සිය ආධිපත්‍ය පතුරවමින් සිටින සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාපකයා වන අශෝක් පතිරගේ මහතා නම් කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here