පළමු ප්‍රසුතියේදිම සිව් නිවුන් දරු උපතක් !

0
125

image 19120c5e4a

අලවතුගොඩ විලාන උඩගම පදිංචිව සිටින නලින්ද ලක්ෂාන් විජේතුංග මහතාගේ බිරිඳ වන දේවිකා උදයංගනී ජයසූරිය මහත්මිය සිය ප්‍රථම ප්‍රසූතියේදීම සිව් නිවුන් දරුවන් ලබා ගැනීමේ වාසනාව උරුම කර ගත්තාය.

පේරාදෙණිය මහ රෝහලේදී මෙම  සිව්නිවුන් දරු ප්‍රසූතිය සිදුව ඇති අතර මේ වනවිට එම බිළිඳුන් සමඟ මවද නිවසට පැමිණ සිටින අතර සියලු දෙනා ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවෙති.

සිව් නිවුන් දරුවන්ගේ පියා වන්නේ අකුරණ ප්‍රාදේශීය සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන සිරිමල් විජේතුංග මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නලින්ද ලක්ෂාන් විජේතුංගයි. ඔහු මේ වන විට රජයේ රැකියාවක නියුක්තව සිටින අතර ඔහුගේ භාර්යාව වන මෙම දරුවන්ගේ මව කිසිදු රැකියාවක්  නොකරයි.

image 44be88e426

මෙම දරුවන් සිව් දෙනාම පුතුන් වන  අතර ඔවුනට  හිරුත්, විනුත්, කැනුත්, සහ සනුත්  යනුවෙන්  නම් තබා ඇති බව  පියා වන නලින්ද ලක්ෂාන් විජේතුංග සඳහන් කරයි. දරුවන් සිව් දෙනෙකු සඳහා ලබාදීම සඳහා  මව්කිරි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විශේෂිත ළමා ආහාරයක් වශයෙන් ළදරු කිරි විශේෂයක් ලබාදීම සිදු කරන අතර එම එක් කිරි ටින් එකක් සඳහා රුපියල් 1400 ක් පමණ වැය වන බවත් එක් ටින් එකක් එක දවසකට පමණක ප්‍රමාණවත් වන බවත් පියා සඳහන් කරයි. මව සඳහාද විශේෂ කිරි වර්ගයක් ලබාදීමද සිදු කරනු ලබයි.

එක්වර ලැබුණු සිව් නිවුන් දරුවන් හදාවඩා ගැනීම බරපතල වගකිමක් වුවත් එම වගකීම ධෛර්යයෙන් ඉටු කිරීමට නලින්ද සිය සියලු උත්සාහන් දරණ බව අප සමඟ කීය.
lankadeepa.lk

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here