අප කල් ඇතිවම හෙළදරව් කළ පරිදි මීගමුවේ බිත්ති සිතුවම් වැඩපිවෙළට එක්ව එයද තමන්ගේ වැඩක් යැයි කියාගන්නට ඇතම් බංකලොත් දේශපාලකයන් උත්සාහ දරති.මීගමුවේ තරුණයෝ අද සිය බිත්ති පින්තාරු කටයුත්ත මිගමුව රෝහල් තාප්පයෙන් අරඹා තිබුණි.අපද කලින්ම සටහන් කළ පරිදි මිගමුවේ බිත්ති හැඩකෙරෙන්නෙ මිගමුවේ අසිරියද සමගිනි.එයට යුදකාමිත්වය රණකාමිත්වය එක් කිරිමට මෙම තරුණයෝ කටයුතු නොකිරිම ප්රසංසනීයයි .එකම අවුල වි තිබුනේ ඒ තරුණයන්ගේ පහණින් එළිය බලන්නට පැමිණ සිටි දේශපාලකයන්ය.දයාන් ලංසා ඊයේ දිනයේ සිය මුහුණු පොතේ සටහන් තබා තිබුනේ මේ කටයුත්තට ඔහුද සම්බන්ධ යැයි කියාය.මේනිසාම මෙය ස්වාධිනව කරගෙන යා යුතු යැයි කියා සිටි පිරිස මේ නිසා අසරණ වි ඇත.
ඡායා-සෙත්එෆ්එම්