මීගමුව අවට වකුගඩු රෝගීන්ට සුභ අරාංචියක් !

0
166

IMG-20191120-WA0008
⁣වකුගඩු අක්‍රීය වීම නිසා ලංකාවේ මරණයට පත්වන ප්‍රමාණය සීග්‍රයෙන් ඉහල යමින් පවතී .මෙම රෝගීන්ගේ රුධිර කාන්දු කරණය සඳහා පුද්ගලික රෝහල් වෙත යන නමුත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ.මේ සඳහා එක් වරක් රුධිර කාන්දු කරනයට රු. 8000/ කට වැඩි මුදලක් වැයවන බව සත්‍යකි .

මීගමුව රෝහල විසින් වකුගඩු ඒකකයක් මගින් රුධිර කාන්දු කරණය සඳහා කටයුතු යෙදීමත් සමඟ රෝගීන් විශාල ප්‍රමාණයක් මේ සඳහා පැමිණෙන බව වකුගඩු ඒකකය භාරව කටයුතු කරන ඩිලානි මහත්මිය අප සමඟ පවසයි .

දිනකට වාර 12 කදී රුධිර කාන්දු කරණය සිදු කිරීමේ හැකියාවක් පවතින බවත්, මාස එකහමාරක් ඇතුලත වාර 223 ක රුධිර කාන්දු කරණය සිදුකර ඇති බවත් ඩිලානි මහත්මිය අප සමඟ පැවසීය .
එමෙන්ම වෛද්‍යවරු 3 දෙනෙක් , හෙදියන් 6 ක් මෙහි වැඩ කරති. මෙහි තම මවට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි ධීවර නායකයකුවූ අරුණ මහතා ප්‍රකාශකළේ ජනතාවට මෙය වටිනා සම්පතක් බවත්, මෙය තවදුරටත් දියුණු කර ගතයුතු බවත්ය.
නමුත් මෙම ඒකකයේ ගැටළු කිහිපයක්ද ඇත. එකක් නම් නිසි ලෙස වැඩ කර⁣ගන යාමට අපහසු ලෙස කාර්‍යමණ්ඩලයේ හිඟයක් පැවතීමයි. අනෙක් කරුණ වන්නේ උපකරණවල හිඟයක් පැවතීමයි.දැනට මොනිටර් 6ක් භාවිතා කරන නමුත් 3ක් ණයට ඉල්ලාගෙන වැඩ කරන බවයි . මේ සම්බන්ධව අප මීට පෙරද සඳහන් කළෙමු .මේ සඳහා මුල්‍යමය හැකියාවක් ඇති කිසිවෙකු සිටීනම් උපකාරයක් කරන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු .