ප්‍රවාහන බලපත්‍ර අහෝසියි – කටානේ බොරළු ටිපර් වල පෝලිම් දික් වෙයි

0
426

බොරලු කැපීමදෙසැම්බර් 05 වනදා නව රජය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණ වැලි,ගල්,බොරළු  ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග  කටාන ,  මඩම්පැල්ල ප‍්‍රදේශයේ  බොරළු කැපීම නැවතත් සීඝ්‍රවී ඇති බව වාර්තා වේ. බොරළු මෙන්ම වැලි කැපීමද මා ඔය ආසන්නයේ  දිවා , රෑ නොබලා සිදුවෙන බවට  ප‍්‍රදේශවාසීන්  චෝදනා කරති. මෙම වැලි කැපීම පිටුපස .ගම්පහ දිස්ත්‍රික්කයේ  වැලි කැපීමට නම් දරාපු දේශපාලන හස්තයක් ද  සම්බන්ධ බවට  ජනතාව චෝදනා කරන අතර නව රජය විසින් ගත් මෙම බලපත්‍ර අහෝසි කිරීම
වැලි ඡාවාරම්කරුවන්ගේ  උවමනාවක් මත සිදුකෙරුණ ක්‍රියාවක් බවට සැකයක් මේ වන විට මතුව තිබේ.
මෙම වැලි ප්‍රවාහන බලපත්‍රය අහෝසි  කිරීම මගින් වැලි හා බොරලු කැපීම සම්බන්ධයෙන් පනවා ඇති නීති උල්ලංඝනය වන අතර විශාල පරිසර විනාශයකට නැවතත් පාර සකසා තිබේ.
වැලි කැපීම මහා පරිමාණයෙන් ආරම්භ වී ඇති අතර මෙහි කිසිදු ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙන බවට හෝ වැලි වල මිළ අඩුවී ඇති බවට  වෙළදපොළ ආශ්‍රිතව තොරතුරු වාර්තා වන්නේ ද නැත.
නව රජය විසින් වහාම මෙම පියවර ආපස්සට තැබිය යුතු බවට කාලයක් පුරා වැලි ගොඩදැමීමට විරුද්ධව ක්‍රියාකරන පරිසර හිතකාමීන් පෙන්වා දෙති.