හිටපු නගරාධිපතිව බ්ලැක්මේල් කළේ කව්ද ? ජේ්‍යෂ්ඨයකුගෙන් හෙළිදරව්වක් !

0
76

jayaweera 1පසුගිය අයවැය විශේෂ සභාවේදි නගරාධිපති දයාන් ලංසා අපුරු කථාවක් කිවේය. එනම් හිටුප නගරාධිපතිවරයාව මෙන් තමාව බ්ලැක් මේල් කළ නොහැකි බවය.
මේ ප්‍රකාශය පිලිබදව මීපුර අමතා විශේෂ හෙළිදරව්වක් කළ නගර සභාවේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු කියා සිටියේ සැබැවින්ම හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරව බ්ලැක්මේල් කරන ලද ප්‍රධානතම පුද්ගලයා වන්නේ දයාන් ලංසා බවය.
මනාප වලින් අංක 1 කට පැමිණි දයාන් ලංසාට නගරාධිපතිකම ලබාදිමට පැවැති විරෝධය හමුවේ එය ලැබෙන්නේ මනාප සටහනේ අංක 7 සිටි ඇන්ටනි ජයවීර හටය.
ඒ වසර 2 කකට පසු දයාන් ලංසාට දෙන නැවත ලබාදෙන පොරොන්දුව පිටය.
එහෙත් පොරොන්දු ප්‍රකාරව එයනොෙවන තත්වයක් තුල නියෝජ්‍ය නගරාධිපතිවරයාව සිටිමින් විවිධ අවහිරකම් කරමින් කටයුතු කළ දයාන් ලංසා වරක් අයවැය පරද්දවන බවටද අභියෝග කළේය.
එපමණක් නොව නගර සභාවේ ඉබි යතුරු දැමු කාමර කඩා රැස්විම් පවත්වමින් තර්ජනය කරන්නටද දයාන් ලංසා පටන් ගත්තේය.
ඒ අනුව සැබැවින්ම හිටපු නගරාධිපතිවරයාව බ්ලැක් මේල් කරන ලද්දේ වෙනින් කව්රුවත් නොව දයාන් ලංසාම විසිනි.