සරත් ලංසා ගැටුම මහසභාවටත්…?

0
111

මීගමුව දැන් ද්වන්ධ දේශපාලන සටනක පොරපිටියක් බදුය.දැනට වසර කිපයක සිට පැවත ආ ලංසා සරත් ආරෝව දැන් මීගමුව මහනගර සභාවේ මහ සභා රැස්විම් දක්වා පැමිණ තිබේ.

බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා වෙනුවෙන් කඩුව අතට ගත් පෙරමු‍ණේ රාල  බවට පත්ව ඇත්තේ නාගරික මන්ත්‍රි ඇන්ටන් ජයවීර මන්ත්‍රිවරයාය.

ඔහුගේ කළඑළිමංගල්‍යය යෙදි තිබුනේ පසුගිය මහසභා රැස්විමේදි ගෙන ආ යෝජනාවත් සමගය.පිටිපන ලෙල්ලම අසල මාළු විකිණිම නිසා සිදුවන මගි හිරිහැරය ගැන මෙන්ම කොච්චිකඩේ නිති විරෝධි පොල ගැන ද සදහන් කරමින් මේවාට එරෙහිය නිසි පියවර නගරාධිපතිවරයා නොගත්තේ යැයි පවසමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු රැස්විම අතර මගදි නැගිට ගියේය.

ජයවීර මන්ත්‍රිවරයා ප්‍රමුඛ ලංසා පිලේ දෙවන  මහසභා අඩව්ව අදට යෙදි තිබුණි.ඒ මන්ත්‍රිවරු 7 දෙනෙකු විසින් මීගමු මහනගර සභාව විසින් ඉටුකළ යුතුව ඇති මූලික සේවාවන් නිසි ලෙසින් කළ යුතුයැයි කියමින් විශේෂ මහ සභා රැස්විමක් අද පෙරවරුවේ කැදවා තිබුණි.

පැය 3 ක් මුළුල්ලේ පැවති මේ උණුසුම් රැස්විම පිළිබදව අප වෙත ලැබුණු පළමු පණිවිඩය වුයේ අද ආණ්ඩු පක්ෂය හොද  හැටි ඉල්ලාගෙන කෑ බවය.

එජාපයේ විපක්ෂ නායක රොයිස් විජිත මහතා සහ ප්‍රදිප් පිරිස් යන නගාරික මන්ත්‍රිවරුන් සහ ජවිපෙ ශිරාන් මන්ත්‍රිවරයා මේ වාග් ප්‍රහාරයේ ඉදියෙන්ම ක්‍රියාත්මක වුවන් බවට පත්ව ඇතැයි වාර්තා වේ.මේ රැස්විම පිළිබදව සවිස්තර වාර්තාවක් හැකි ඉක්මනින් පළ කිරිමට අප කටයුතු කරන්නෙමු.