පෝට්සිටි මුහුදු ඛාදනය නිසා ධීවර පවුලක් අනතුරේ.?

0
190
IMG-20191230-WA0014
පෝට් සිටි මුහුදු රළ නිසා ඛාදනය වු මෝරවල අසල පිහිටි සජිත්ගේ නිවස

සුන්දර පරිසරයක්වූ මෝර වල වෙරළ තීරය ජූලි 18, 19, 20 යන දිනවලදී පැවති කුනාටුවත් සමඟ පැමිණි මුහුදු රළ නිසා විශාල ලෙස ඛාදනය විය . කුඩා පැල්පත් කිහිපයක් ජල රකුසා ව්සින් බිළිගන්නා ලදී .
මෙසේ ඛාදනයට ලක්වූ නිවාස අතර ස්ථිර නිවසක් ලෙස තිබුනු සුජිත් නාමල් මහතාගේ නිවසද විය. මේ තත්වය මත සුජිත් තම බිරිඳ සහ දරුවන් 4 දෙනා සමඟ මෙම නිවස වසාදමා ඤාතියෙකුගේ නිවසකට ගොස් තාවකාලිකව සිටින අතර එම මුහුදු ඛාදනයට ලක්වූ නිවසේ පදිංචිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහනම් කරන ලදී .
මෙම තත්වය මත තමන්ට ස්ථිර ස්ථානයක් ඉල්ලාග මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙත ගිය බවත්, එහිදී ඔහුට ජීවත්වීම සඳහා ස්ථානයක් ලබාදීමට ප්‍රා .ලේකම් තුමිය පොරෙන්දුවූ බවත් සුජිත් නාමල් මහතා පවසයි . එසේම කුඩා ගඟ අසල යම්ඉඩක් තිබෙන බවද ඔහු ඒගැන ප්‍රා.ලේකම් තුමිය දැනුවත් කළ බවද සුජිත් පවසයි . මේ අනුව ඔහු එකී ස්ථානයේ කුඩා මඩුවක් අටවා තම දරුවන් සමඟ එහි පදිංචි වී ඇත .IMG-20191230-WA0008
IMG-20191230-WA0016මේවනවිට ඊට විරුද්ධව ග්‍රාමසේවක මහතා , ධීවර කාර්‍යාලය , වෙරළ සංරක්ෂණය යන ආයතන විසින් පොලීසියට පැමිණිලි කර ඇති බවත් , 9 දින පොලීසියට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දී අැති බවත් සුජිත් නාමල් අප සමඟ පැවසීය .
අවට ගම්වාසීන් ගෙන් බහුතරයක් තමන් එම ස්ථානයේ සිටීම පිළිබඳව විරුද්ධත්වයක් නැති බවත් මේ තත්වය මත තමන්ගේ රස්සාවද කරගත නොහැකිව ඔහු අසරණ තත්වයකට පත්වී ඇති බවත් , කලින් සිටි නිවසේ ස්වර්ණ භූමි ඔප්පු තිබෙන බවත් , ඒනිසා සියළු වගකිවයුත්තන්ගෙන් , තම බිරිඳ සහ දරුවන් සමඟ ජීවත්වීම සඳහා තැනක් ඉල්ලා සිටින බවත් තවදුරටත් ඔහු ප්‍රකාශ කරයි.
මුහුද රළුවී කුනාටුවත් සමඟ නිවාස ඛාදනයට ලක්වී ඇත්තේ මේ අයගේ වරදක් නිසා නොව . සුනාමියටවත් කිසිදු කරදරයක් සිදුනොවූ බව ඔවුන් පවසයි . ඒ අනුව ඊට ආසන්න හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පෝට්සිටිය සඳහා වැලි හෑරීමයි. ඒනිසා ජීවත්වීම සඳහා සුජිත් නාමල් කරන ඉල්ලීම සාධාරණ එකක් බව අපගේ විශ්වාසයයි .IMG-20191230-WA0017