විදුහල්පති සේවයේ 1 ශ්‍රෙණියේ උසස්විමක් ලැබු සහජාන්ට අපේ සුබපැතුම් !

0
139

M.Z.Shajahan-එම්.ඉසෙඩ් සහජාන් මහතා විදුහල්පති සේවයේ ඉහලම  සුදුසුකම් අතරට පත්ව තිබිම මිපුර අපි ඉතා ඉහලින් අගේ කරමු.
ඒ ඔහු පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු ලෙසින් මේ වන උසස්විම් ලබා ඇති බැවිනි.
විදුහල්පති සේවයට අමතරව ඔහු මිගමුව තුල ක්‍රියාත්මක ප්‍රතිපත්ති ගරුක දක්ෂ මාධ්‍යවේදියෙකුද විය.
කවදත් සිය වෘත්තියට අවංකව සේවය කළ ඔහු ලද මේ ජයග්‍රහණය සැබැවින්ම ශ්‍රේෂ්ඨ වන්නේ පසුගිය කාලය තුල ඔහු මුහුණ දුන් විවිධ කෙණහිලි කම් බලපෑම්  සියල්ල අප ඉතා හොදින් දන්නා බැවිනි.වරෙක අධ්‍යාපන නිළධාරින්ගෙනි.තවත් වරෙක ඔහු කලින් සිටි පාසැල් වල සිටි ඇතැම් නරුම ගනයේ ගුරු හොරුන්ගෙනි.
එපමණක් නොව කිමට ලැජ්ජා නැති නිසා අප ඕනැ තරම් ලියා ඇති නිසා යළිත් අවධාරණය කරන්නේ ඇතැම් කතෝලික පියතුමන්ලාද සහජාන් වැනි ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු අවමන් කිරිමට කටයුතු කර තිබුනි.වඩාත් අරුමය වන්නේ ඇතැම් ප්‍රාදේශීය මාධ්‍යවේදින් යැයි කියා ගත් අයද මේ නරුම ලයිස්තුවේ විය.
එතනින් නොනැවති ඔහු අදහන දහම මුල්කොට ගෙනද ඔහු අනේකවාරයක් පිඩාවට පත්විය. දේශපාලකයන් සුපුරුදු පරිදි චණ්ඩි පාට් දැමු අවස්ථාද නැත්තේ නොවේ.
ඒ සියළු අවස්ථාවලදි අප කොන්දේසි විරහිතව ඒ සියලු අමනකම් වලට එරෙහිව මිපුර වෙබ් අඩවිසේ සගයන් ලෙස පෙනි සිටියෙමු.
මේ තරම් ඉහලම සුදුසුකම් තිබියදි සහජාන් සිය සේවය දිගටම ලබාදිමට තිරණය කර තිබුනේ ඉතාමත් දුප්පත් ඇතැමුන්ට මාපියන්ද නැති දමිල දරුවන් සිටින  ඉතාම කුඩා පාසැලකටය.
ඒ වැලිහේන රෝමානු කතෝලික පාසැලයි.
ඉහල සුදුසුකම් ලබන ඇතමුන් ඉහල සුපිරි පාසැල්වල සේවය කරන්නට පොරකද්දි ඒ වෙනුවෙන් දේශපාලකයන් පසුපස යද්දි සහජාන් ස්ථිර ලෙසින්ම මේ දිලිදු දරුවන්ගේ අභිමානය වෙනුවෙන් පෙනිසිටියේය.
50 ක් වත් සිසුන් නැති පාසැල දේශපාලකයන් විසින් වසා දැමිමට වලිකද්දි ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් සහජාන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැකදෙමින් ඒ කුඩා පාසැල රැකගත්තේය.
සහජාන් පශ්චාත් උපාධිධාරියෙකු වුවා මෙන්ම  සිය ධුරය සදහා වු තවත් අධ්‍යාපන සුදුසුකම් රැසක හිමිකරුවෙකුද වෙයි.
මේ  සටහන සිය ප්‍රතිපත්ති වෙනුවෙන් අතනොහැර සටන් කළ මිනිසෙකු ඇගයිම සදහා තැබු ඉතාම කෙටි සටහනකි.
එහෙත් සහජාන් පිළිබදව අප ලිවිය යුතු දේ බොහෝය. ඒ සහජාන්ට එරෙහිව අවි අමොරාගෙන පසුගිය කාලයේ කටයුතු කළ සැමට මෙන්ම මිගමුවේද රටේද අයට දැනගැනිම සදහාය.
ඒ වෙනුවෙන් අප විස්තරාත්මක සටහනක් නුදුරේම තබන්නෙමු .සහජාන් අප සැබැවින්ම ඔබ ගැන ආඩම්බර වන්නෙමු.