අජ්ජා !

0
106
aith Sමිනිහගෙ කතා කිව්වොත් දවසක් මදිය
ඊටත් හපන් උර මත රැඳි බඩු පොදිය
ඇල්ලීමයි ෆොටෝ උගෙ උත්තම සුදිය
වැටුණත් හිනාවෙන එක අජියගෙ විදිය

වැඩ කළ පත්තරත් එක දෙක තුන වැහුණේ
මූ කොන්දේසි රහිතව ඒවට නැහුණේ
කළ වැඩ තරමටම නෑ සද්දය ඇහුණේ
පත්තරවලට කරලමදෝ කුඳු ගැහුණේ
ගැන්සිය ගැහෙන තැන්වල සගයින් රෑන
පේනව දුරතියා මුගෙ හිනැහෙන මූණ
බිහිකළ පුතෙක් අල්ලන කැමරා කෝණ
මොකටද මචං උඹ නැති කලගෙඩිහේනපොඩි විහිළුවකටත් මූ වෙන හැටි ලැජ්ජා
මධු මත අතර පෙන්නයි පොඩි පොඩි විජ්ජා
ජොබ් එක අතරමැද නෑ බොරු ගැලවිජ්ජා
ඉස්ටිල් ෆොටෝවෙත් පන හෙව්වද අජ්ජා

කෝඩිගේ ෆේස් බුක් පිටුවෙනි