ඝාතන චෝදනා එල්ල වු හමුදාවේ පිරිසක් නිදහස් කිරිම ගැන අජිත්ට සතුටුයිලු ?

0
49

ajith pයුද හමුදා නිලධාරි සුනිල් රත්නායක සහ රජයේ බුද්ධි අංශ නිලධාරීන් 34 දෙනෙකු බන්ධනාගාරයෙන් නිදහස් කිරීම පිළිගත හැකි පියවරක් බව එක්සත් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසා ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය සදහන් කොට තිබේ.
ජනාධිපති ගෝඨාබය විසින් ගෙන ඇති මේ පියවර පිළිගත හැකි පියවරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරේරා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා තිබේ.
රැඳවුම් භාරයේ සිටින සියලුම හමුදා භටයන් නිදහස් කරන බවට ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පොරොන්දු වු බවද ඒසේ දුන් එක් පොරොන්දුවක් ඉටු කර ඇතැයි අජිත් පෙරේරා මන්ත්‍රිවරයා මෙහිදි පවසා තිබේ.
යුධ හමුදා නිළධාරි සුනිල් රත්නායක එරෙහිව තිබුණ චෝදනාව වුයේ මිරිසුවිල් හි දමිල වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරිමය.
සිය දේපල බැලිමට පැමිණි පිරිසක් මෙසේ ඝාතනයට ලක්ව තිබුණි.
වසර 13 කටත් වැඩි කාලයක් පැවැති දිර්ඝ නඩු විභාගයකින් පසුව යුධ හමුදා නිළධාරි සුනිල් රත්නායක මේ ඝාතනයන් වෙනුවෙන් වැරදි කරු කර තිබුණි.
එජාප පාර්ලිෙම්න්තු මන්ත්‍රි නිතිඥ අජිත් පි. පෙරේරා සතුටු යැයි කියන්නේ දමිල වැසියන්ට එරෙහිව මර්ධනය දියත් කළ සහ ඝාතනය චෝදනා එල්ලවි තිබුණ නිළධාරින් පිරිසක්  ජනපති ගෝඨාබය විසින් නිදහස් කර තිබිම ගැනය.
අජිත් පි. පෙරේරා යනු එකල මානව හිමිකම් පිළිබදව උනන්දුවකින් කටයුතු කළ ප්‍රගිතිශිලි දේශපාලකයෙකු ලෙසින් පෙනි සිටින්නට උත්සාහ කළ අයෙකු විමද මෙහිදි විශේෂය.