රන්ජන්ගේ එජාප සාමාජිකත්වය තාවකාලිකව අහෝසියි ! මැතිවරණයට අලුත් පක්ෂයකින් තරඟ බිමට ?

0
72

රන්ජන් රාමනායක අරභයා දැනට පවතින ආන්දෝලනාත්මක තත්වයන් හමුවේ එජාප පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කොට ඇතැයි එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අද පැවැති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කොට තිබුණි.
මතුව ඇති තත්වය මෙන්ම බුද්ධාගමට අගරු වන සේ පළකොට ඇති අදහස්ද මෙහිදි අවධානයට ලක්වු බව මහ ලේකම් වරයා පවසා තිබුණි.
මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකයෙකුද වන නිතිඥ නිරංජන හේරත් සිය මුහුණු පොත සටහන් තබමින් කියා තිබුනේ බුද්ධාගම ගැන රන්ජනගේ කථාව පුද්ගලික එකක් බවය.
සැබැවින්ම මෙහි සිදුව ඇති වරද වන්නේ එය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිමට ඇතැමුන් පියවර ගෙන තිබිම යැයිද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.
කෙසේ වෙතත අරුණ පුවත් වාර්ථා කොට තිබුණෙ රන්ජන් රාමනායක බොහෝදුරට අලුත් පක්ෂකින් ස්වාධිනව ඉදිරිපත්විමට බොහෝ ඉඩ ඇති බවය.