දළුපත මාරාන්තික සුදු ඉරේ ප්‍රශ්ණය RDA එකේ අවධානයට ! දළුපත ජනයා පෙළගැසෙති !

0
199

IMG-20200104-WA0003kavinga

මීගමුව , දළුපත දේවස්ථානය අසල ඇති කහඉර මත පසුගිය 19 වන ඉරිදා තරුණ මහතෙකු මියගිය පුවත අප වෙබ් අඩවියේ පළ කලෙමු . ඉන් අනතුරුව මෙම ස්ථානය සහ එහි අවධානම ගැන ප්‍රදේශවාසීන් අතර කතාබහක් නිර්මාණය වී ඇත . ⁣මේ අනුව මෙම ස්ථානයේදීම මීට කලින් සිදුවූ මාරාන්තික අනතුරු ගැනද සාකච්ඡාවට භාජනයවූ අතර මෙම කහඉර මත මියගිය සංඛ්‍යාව 10 කටත් අධික බව මෙහිදී පැහැදිළි විය .
මෙකී ස්ථානය පිළිබඳව සළකා බලන විට කොළඔ සිට හලාවත දෙසටත් , හලාවත සිට කොළඹ දෙසටත් ගමන් කරන බොහෝ වාහන ඉතා වේගයෙන් ගමන් කිරීම සහ මෙම ස්ථානයේ නිතර සෙනඟ ගැවසෙන ස්ථානයක් වීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස මෙම කතාබහ තුළ මතුවී ඇත .
හදිසි විසඳුමක් අවශ්‍යවී ඇති මෙම ප්‍රශ්ණයට මැදිහත් වූ සුපර්සෝනික් පදනම මේ ගැන මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ දුරකතනයෙන් ප්‍රශ්ණය ගැන කතා කර ලිපියක්ද ඉදිරිපත් කරන ලදී .
මේවනවිට මීගමුව පොලීසියද මේ පිළිබඳව දැනුවත්ව සිටින අතර මේ ගැන සඳහන් කර ලිපියක් මුලස්ථාන පොලිස් පරීක්ෂක තුමාට ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත . පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති I P ප්‍රදීප් මහතා අදහස් දක්වමින් ප්‍රකාශකළේ රථවාහන අංශයටත් ඉන් පිටපතක් ඉදිරිපත් කළ පසු ඒඅනුව සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය හැකි බවට විශ්වාස කරන බවයි .