අල්හිලාල් මුස්ලිම් විදුහලේ සිංහල විෂය ඉගෙන ගන්න දරුවන්ට පහසුකම් නෑ ?

0
98

(දෙවන සංස්කරණය ) සහජීවනය ගැන නිතර කතාබහට ලක්වන නමුත් භාෂා ප්‍රශ්ණය නිසා එකිනෙකා අතර අනෝන්‍ය අවබෝධය ගොඩනැගීම දුෂ්කර වී ඇති බව අපි කව්රුත් දන්නා කරුණකි .
මෙය ප්‍රබල ගැටළුවක් ලෙස සමාජය වෙලාගත්තකි.
මීගමුව , පෙරියමුල්ල ප්‍රදේශයේ අල්හිලාල් විදුහලේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ දෙමල භාෂාවෙන් වුවද මෙහි සිංහල මාධ්‍ය තුළින් ඉගෙනීම සඳහාද ඉඩ කඩක් නිර්මාණය වී ඇත. නමුත් පසුගිය කාලය තුළ මේ සඳහා සිංහල මාධ්‍ය තුළින් ඉගෙනීම ලබන දරුවන්ට අදාල ගුරුභවතුන් නොමැති වීම ප්‍රධාන ප්‍රශ්ණයක් ලෙස පැවතින .
විශේෂයෙන් ගණිතය , මව්බස යන විෂයන් පිළිබඳව මෙම තත්වය උදාවී ඇත .ඉනුත් ගණිතය සඳහා යම් විසඳුමක් තිබෙන බවත් ,මව්බස සඳහා ගුරුවරයෙකු නැති බවත් දැනට කලක සිටම වාර්තා වි තිබේ.
මීගමුව අන්තර් ආගමික කමිටුවේදි මතුව තිබුණ මේ ගැටළුව ගැන අවධානය යොමුකොට තිබුණ අතර ඒ ගැටලුව විසදාලිමට හැකි අයුරින් දායකවිමට කැමැත්ත පළව තිබුණි.අල්හිලාල් 1
එවැනි තත්වයක් යටතේ පාසැල් මට්ටමින් මුස්ලිම් දරුවන්ට සිංහල මාධ්‍ය තුළින් කටයුතු කිරීමට පහසුකම් සැපයීම වගකිවයුත්තන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි .
මේ ගැටළුව ගැන අධ්‍යාපන බළධාරින්ගේ අවධානය බරපතල ලෙසම හිමිවිය යුතුව තිබේ.