මීගමුවේ මුහුදට ජරා වතුර මුදාහරින්නට අවසර දුන්නේ කව්ද ?.෴

0
388

IMG-20200122-WA0018IMG-20200122-WA0019IMG-20200122-WA0020

කුඩාපාඩුව ප්‍රදේශයේ අැති හෝටල් ආසන්නයේ මුහුද වෙත දිවෙන සමහර පාරවල් වල මැදින් කොන්ක්‍රීට් ලෑලි දමා මුහුදු වෙරළ දක්වා සකසා ඇත . නමුත් එම කොන්ක්‍රීට් ලෑලි යටින් ගලාගෙන යන්නේ දුඟද හමන කළු පැහැති ජරා වතුරය. මේවා මුහුදු වතුරට එකතුවේ. විදේශීය සහ ස්වදේශීය ජනතාව මේ අවට මුහුදට පැමිණ දිය නාමින් විනෝදවෙයි. IMG-20200122-WA0015මෙම ස්ථානයේ පරිසරය රැකගැනීමේ අරමුණ පෙරදැරි කර ගත් දැන්වීම් පුවරුවක්ද සවිකර ඇත . එහි කළු අකුරින් සඳහන් කර ඇත්තේ “වෙරළ කලාපයට කුනු කසල දැමීම දඬුවම් ලැබිය හැකි වරදකි”
යනුවෙනි . ” එසේ කිරීමෙන් වළකින්න ” කියා ලොකු රතු අකුරින් සටහන් කර ඇත . මේසඳහා දඬුවම දක්වා ඇත්තේ රු. 5000/ සිට රු. 50,000/ක මුදලක් හෝ 6 මසකට නොවැඩි බන්ධනාගාර ගත කිරීමක් ලෙසිනි . මීගමුව නගරසභාව, වෙරළ සංරක්ෂණය , වෙරළ කලමණාකරන දෙපාර්තමේන්තුව , මීගමුව පොලීසිය ආදී වශයෙන් මෙකී දැන්වීම් පුවරුවේ අදාල වගකිවයුතු ආයතනයේ නම සඳහන් කර ඇත .
මෙසේ සඳහන් කිරීම නිසා මෙහි පවතින තත්වය පිළිබඳව විමසා බැලිය යුතුය. කානු දිගේ ගලාගෙන යන්නේ ජනතාවගේ නිවෙස්වලින් මුදාහළ අප ජලයද, නැතිනම් අවට හෝටල් වලින් මුදාහරින ජලයතද යන්න විමසා බැලිය යුතුය. ඉහතකී කළු පැහැති ජරා වතුර මුහුදට මුසුවීම තුළ පරිසරයට ප්‍රශ්ණයක් නොවේදැයි අප අර දැන්වීම් පුවරුවේ නම සඳහන් ආයතන වලින් විමසා සිටිමු . එසේම විනෝදය තකා පැමිණෙන ජනයාට මෙම කාරණය ප්‍රශ්ණයක් නොවේදැයි අසා සිටිමු .IMG-20200122-WA0021
නමුත් හෝටල් අතරින් යන මේ අප ජලය වැඩි ප්‍රමාණයක් මුදාහරින්නේ හෝටල් වලින් බව අප කරන ලද විමසිම් වලදි පැහැදිලි විය.
.එම නිසා ⁣දෛනිකව සිදුවන මෙම ක්‍රියාවලිය තුළ ඉහතකී කුනු වතුර එකතුවීම සහ ඉන් පරිසරයට වන හානිය ගැන අවධානය දී යම් විසඳුමක් දියයුතු බව අප අවධාරණය කර සිටිමු .
මීගමුව සංචාරක පුරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහයට මෙය බාධාවක් බව කිවයුතුය . ඒනිසා විවිධ හෝටල් වල සිදුවන අක්‍රමිකතා , පාරිසරික ප්‍රශ්ණ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමුවීම අත්‍යවශ්‍යවේ. එබැවින් ඉහතකී හෝටලය සම්බන්ධවද නිවැරදි සොයා බැලීමක් කර ඊට අදාල පියවරක් ගනු අැතැයි අප විශ්වාස කරමු .