මීගමුවේ මහජන බදු මුදල් නිමල් ලංසාගේ මැතිවරණ වැඩවලට ?

0
66

nimal dayanමීගමුවේ මහජන බදු මුදල් කිසිදු හිරිකිතයකින් තොරව මේ වන විට නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් නගරාධිපති දයාන් ලංසා විසින් යොදවමින් සිටින අයුරු .ගැන දිනපතා චෝදනා එල්ල වන්නට පටන් ගෙනය.
මේ සටහන තැබෙන මොහොතේ පවා කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකර ආවරණ අනුමැතියට යටත්ව පෙරියමුල්ලේ කැනැල් රෝඩ් ප්‍රදේශයෙ නිමල් ලංසාගේ අධාරකරුවෙකු වෙනුවෙන් අඩි 3 ක් පාරකටත් කොන්ක්‍රිට් අතුරමින් තිබේ.
ඒ දයාන් ලංසාගේ කුප්‍රකට කොන්ක්‍රිට් මිතුරා වන කොන්ක්‍රිට් චමින්ද විසිනි.
පසුගිය දිනවල අප විසින් හෙළිකළ පරිදි නිමල් ලංසා සිය මැතිවරණ කාර්යාලය බවට පත්කරගෙන  ඇත්තේ මිගමුව මහනගර සභාවයි.ඔහු එහි සිටින අතරේ එහි යන එන අයගේ සියළු අවශ්‍යතා වෙනුවෙන් වැයවන්නේ මහජන බදු මුදල්ය. ඔහු එහි සිටිමින් නිළධාරින්ට නියෝග දෙති. පාරවල් හැදිමට තීන්දු ගනි.
අද පෙරියමුල්ල ප්‍රදේශයේ කොන්ක්‍රිට් කරනු ලබන්නේද එවැනි පාරකි.
අරුමය වන්නේ මිගමුවේ විපක්ෂය නායකයා මේ සියල්ල දැක දැකත් මුනිවත රැකිමය.
ආසන සංවිධාකයාටද මේ කිසිවක් ගැන නිනව්වක් නැත.