කල දුටුකල වල ඉහගත් මීගමුවේ මුඛ ආවරණ මාෆියාව ?

0
334

මුහුණු ආවරණකොරෝනා විෂබීජය කටුවපිටිය දේවස්ථානයේ පිපුරුනු බෝම්බයටත් වඩා බියකරු විය හැකි තත්වයකි.
එය ලංකාවටත් පැමිණ තිබේ.
මෙහි සුවිශේෂී බව අනුව මුඛ සහ නාසය ආවරණය කර ගතයුතු බවට උපදෙස් ලැබින .
මෙකී උපදේශයත් සමඟ වෙළඳුන් වහා ක්‍රියාත්මක විය.
ඇතැම් ඖෂධ හල් හිමියන් විශාල වශයෙන් තොග ඇණුවුම් කරන්නට විය .
මීගමුවේ එක්තරා තැනකදි මෙය එලෙසින්ම සිදුවිය.
එහෙත් එය  ආසාධිත තත්වයෙන්  පරිස්සම් විමස සදහා තමන්ගේ ෆාමසියට එන පාරිහෝගිකයන් හට මේ අර්බුදකාරි මොහොතෙදි හැකි අයුරින් පිහිට විය යුතුය යන චේතනාවෙන් නොවන බව හෙළිවුයේ එකි ෆාමසියේ හිමිකරු හිතු මිළ ගණන් යටතේ මේ මුඛ ආවරණ අලෙවි කිරිමට පටන් ගැනිමත් සමගය.
මෙම අවස්ථාව දඩමීමා කරගත් එක්තරා ෆාමසියේ හිමිකරු උදේ රු. 12/ට අලෙවි කළ මුහුණු ආවරණයක් දවල් රු. 25/ ක්ද සවස රු.30/ ක්ද රාත්‍රියේදී රු. 50/ දක්වා ක්‍රමානුකූලව වැඩි කරමින් අලෙවි කර ඇති බව වාර්ථා විය.මීගමුව රෝහල ඉදිරිපිට පිහිටි මේ ෆාමසියේ හිමිකරු ඉන් නොවැති තවත්හරි නීති විරෝධි වැඩකද නිරතවිය
ඒ ඔක්ෂිෆියුරා නම් විශේෂ මුඛ ආවරණයක් එහි ආයතන මිළ රුපියල් 175 ක් ලෙස සදහන් කර තිබියදි ඒ මිළ මකා රු 300 ක මිළකට අලෙවි කිරිම හරහාය.
එපමණක් නොව මේ ස්ථානය පසුගිය කාලය තුල විවිධ නිති විරෝධි පෙති වර්ග අලෙවි කිරිම සදහාද කුප්‍රකට ස්ථානයක් වු  බවටද කට කතා පැතිර තිබුණි.
මේ සියළු කළු වෙළදාම් ඔහු අරඹන්නේ රාත්‍රි 8 න් පසුව බව ඉතා විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
මේ සකලකාර  වෙළදාම් හේතුවෙන් ඉක්මනින් කෝටිපතියෙකුගේ තත්වයට පත්ව තිබුණේ ලියාපදිංචි නොකළ සුපිරි ගණයේ වාහන කිපයකද හිමිකරුවෙකු වෙමිනි.
ඒ ඉතාමත් කෙටි කාලයක් තුලදිය.
මේ සකලාකාර ආචාරධර්ම විරෝධි නීති  විරෝධි මජර ජාවාරම් කරගෙන යාමට මේ ෆාමසිකරුට නොමඳ  සහයක් ලබා දෙන්නා බවට පත්ව ඇත්තේ ද මීගමුව ප්‍රදේශය භාරව කටයුතු කරන පරික්ෂකවරයෙකි.
ආහාර හා ඖෂධ පිළිබදව රාජ්‍ය වගකිම දරන එවන් උසස් අයෙකු මේ අකාරයෙන් කටයුතු කිරිම සැබැවින්ම පිළිකුල් සහගතය.
මේ අමන නිළධාරියා පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් අප නුදුරේදිම හෙලිදරව් කරන්නේ එවන් නිළධාරින්ට රාජ්‍ය යන්ත්‍රය විසින් දිය යුතු උපරිම දඩුවම ගැන සිතා බැලිමටත් ඉඩකඩ සලසා ලමිනි.