හේලීස් වෘත්තීය සමිති ශාඛාවේ සභාපතිවරයාගේ සේවය අත් හිටුවයි.

0
199

_ARJ0425 copyහේලීස් පාලනාධිකාරිය විසින් CMU – හේලීස් වෘත්තීය සමිති ශාඛාවේ සභාපතිවරයාගේ සේවය අත් හිටුවයි. හේලීස් වෘත්තීය සමිතියේ සභාපති  මහින්ද අබේරත්න වැටුප් රහිතව සති දෙකක කාලකට සේවය අත්හිටුවා ඇති බව පාලනාධිකාරිය මගින් ලිඛිතව දන්වා තිබේ. කිහිප අවස්තාවකම සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින් සභාපතිවරයා දඩයම් කිරීමට පාලනාධිකාරිය සැලසුම් කළද එම සාවද්‍ය චෝදනා සනාථ කරගැනීමට ඔව්හු අපොහොසත් වුහ. පසුගිය 8 වැනිදා හේලීස් වෘත්තීය සමිතියේ 70 වැනි සංවත්සරයෙන් පසුව මෙසේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.වසර 22 ක කාලයක් හේලීස් සමාගමේ සේවය කරන ඔහු දැනට වසර දෙකක කාලයක සිට එහි  වෘත්තීය සමිතියේ සභාපතිධුරය හොබවයි.ඊට අමතරව මහින්ද අබේරත්න ලංකා වෙළඳ,කර්මාන්ත හා පොදු සේවක සංගමයේ ( CMU )විධායක කමිටු සභිකයෙකි.