මීගමුව අල්හිලාල් විදුහලේ අභිවෘද්ධිය උදෙසා යෝධ පාගමනක්.

0
227

IMG-20200202-WA0005IMG-20200202-WA0012IMG-20200202-WA0001IMG-20200202-WA0015

මීගමුව , පෙරියමුල්ල , අල්හිලාල් විදුහල විසින් අද දින පාගමනක් සූදානම් කර තිබින. මෙය සූදානම් කර තිබුනේ විදුහලට වසර 100 ක් සැපරීම නිමිත්තෙනි. මෙය විවිධ අංග එකතු කර ගනිමින් විදුහල් භූමියෙන් ආරම්භ කළ අතර 5000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇතැයි බහුතරයකගේ අදහස විය. එසේම මෙහි විශේෂත්වයක් වූයේ කාන්තාවන් 1000 ක පමණ පිරිසක් මේ සඳහා සහභාගී වීමයි.IMG-20200202-WA0006
IMG-20200202-WA0011IMG-20200202-WA0003තරුණ , තරුණියන් අතිවිශාල සංඛ්‍යාවක් මෙයට සහභාගී වූ අතර එම අවස්ථාව ඔවුන්ට තම හිරවී සිටි ජීවන පැවැත්ම තුළ යම් නිදහසක් ලැබූ අවස්ථාවක් විය.
මෙය විදුහල අසලින් අරඹා පෙරියමුල්ල මාර්ග සඥා පද්ධතිය අසලින් හැරී කොප්පරා හංදියටත්, පසුව දිවුලපිටිය පාරේ පාංකඩ හංදියෙන් හැරී නැවත ඩිපෝ පාර දිගේ කොළඹ පාරටත් වැටී විදුහලට පැමිණෙන ලදී .
අන්තර් ආගමික කමිටුවද සම්බන්ධ වෙමින් , ජාතික කොඩි සහ විවිධ බැනර් අතැතිව ගමන් කළ මෙම ජනතා පාගමන ආගමික සහජීවනයද පෙරදැරි කරගෙන තිබුනු බව පෙනින .IMG-20200202-WA0026
එසේම විවිධ බාධා තිබුනද කාන්තා සහභාගීත්වය සහ තරුණ සහභාගීත්වය තුළින් පිලිබිඹු වූයේ මෙය ඔවුන්ට යම් නිදහසක් ලැබුනු අවස්ථාවක් ලෙසය.
මේ සඳහා දේශපාලකයින් සහ පූජක තුමන්ලාගේ සහභාගීත්වය වැදගත් විය. මේසඳහා මීගමුව කලාපය භාර සිස්වාන් ද කෘාස් පියතුමාද සහභාගී විය . එතුමා ආගමික සහජීවනය මත එහි වැදගත් කම මතුකරමින් කළ කතාවද මෙම වැඩසටහන අර්ථගන්වන්නක් විය.