මීගමුවේ ගොඩනැගිලි අයදුම් පත් ගැන විමර්ශනයට නගරාධිපතිගේ ගෝලයන්ට අවසර දුන්නේ කව්ද ?

0
64

MC-2-e1530758211220මීගමුව නගරාධිපති දායන් ලංසාගේ’ පුද්ගලික කාර්ය මණ්ඩලයේ පිරිසක් ඒ අයට කිසිදු ලෙසකින් හෝ පළාත් පාලන රෙගුලාසි ප්‍රකාර කළ නොහැකි දේවල් කරමින් සංදර්ශණ පවත්වමින් සිටිති.
මේ අය විශේෂයෙන්ම  නව ඉදිකිරිම් වලට ආදාල තතු විමසිම සදහා  පසුගිය කාලය පුරාවටම නගර සභාවේ නිළ රථද භාවිතා කරමින් කටයුතු කරමින් සිටිති.සැබැවින්ම එය නීති විරෝධිය.මන්ද මේ අය කිසිසේත්ම පළාත් පලාන නිති ප්‍රකාරව නගර සභාවේ නිළ තලයක් දරන අය නොවෙති.
ඒ අය සැබැවින්ම නගරාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය  මණ්ඩල පමණක් නියෝජනය කරති.
තතු එසේව තිබියදි නිති විරෝධි ලෙසින් පුද්ගලයන් දෙදෙනෙකු මේසෙ නව ගොඩනැගිලි අයදුම් පත් විමර්ශණයට ඒ අදාල තැන් වලට කලක පටන් යන බව වාර්ථාවේ.මේ එක් පුද්ගලයෙකු දළුපත ප්‍රදේශයේ අයෙකු වෙයි.
මේ අයට මේ කටයුත්ත සදහා කිසිදු නිල අනුමැතියක් නැතුවා සේම දැනුමක්ද ඇත්තේ නැත.සැබැවින්ම එවන් පරික්ෂාවක් සදහා අදාල  සුදුසුකම් සහිත අදාල ක්ෂේත්‍රය ගැන නිසි දැනුමක් සහිත අය විය යුතුය.
එහෙත් දැන් සිදුවන්නේ නගරාධිපතිවරායට අමතර අදායම් එකතු කරදිමේ හොර ව්‍යාපෘතියක මේවන් නිති විරෝධි පුද්ගලයන් කටයුතු කරමින් තිබිමය.
එබැවින් මේ අය මිගමුවේ බදු ගෙවන ජනයාගේ නිවාස අයදුම් පත් විමර්ශණයට පැමිණෙද්දි ඒ අයට ඒ සදහා  ඇති නිල අයිතිය මේනම සුදුසුකම ගැනද ප්‍රශ්ණ කිරිමේ අයිතිය පැහැදිලිව බදු ගෙවන ජනයා සතුය.එබැවින් කප්පම්කරුවන්ට කිසිලෙසකින් වත් ඉඩසලසා නොදිමට මීගමුෙව් බදු ගෙවන ජනයා කටයුතු කළ යුතුව තිබේ.
මෙය සැබැවින්ම මහනගර සභාවේ ඉජිනේරුවරයා ප්‍රමුඛ අදාල කාර්ය මණ්ඩලයේ රාජකාරියකි.