කටුනායක ,සීදූව ඇතුළුව ප්‍රදේශ රැසකට හෙට පැය 18 ක ජල කප්පාදුවක් !

0
98

water tapකටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සදහන් කළේ හෙට පෙරවරු 9.00 සිට මෙම ජල කප්පාදුව සිදුවන බවයි.

කැලණි ගඟ දකුණු ඉවුරු ජල ව්‍යාපෘතියේ දෙවන අදියරේ අත්‍යවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබේ.

ඒ අනුව කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ සහ ජා-ඇල, ඒකල, කඳාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මටාගොඩ, වැලිසර, මාබෝල, ඇල්පිටිවල, මහබාගේ සහ දික්ඕවිට යන ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.