නිමල් ලංසාගේ මැතිවරණ වැඩවලට මහජන බදුමුදල් ලක්ෂ 50 කට වැඩිමුදලක් යෙදවිමේ කූට සැලැස්මක් ?

0
57

NMC meeting 2නිමල්ලංසාගේ මැතිවරණ වැඩපිලිවෙල සදහා පොහොට්ටු නාගරික මන්ත්‍රිලාගේ සෘජු  ප්‍රදාන වලින් එක් අයෙකුගෙන් රුපියල් ලංසා 2 කට වඩා ලබාගැනිමට සදහා නගරාධිපති දයාන් ලංසා කූට සැලැස්මක් දියත් කර තිබේ.
මෙසේ සෘජු ප්‍රදාන ලෙස සැලකෙන්නේ පාසැල් පොත්, ක්‍රිඩා භාණ්ඩ, වැසිකිලි ආධාර , වීදි ලාම්පු,සිමෙන්ති.කායවර්ධන කට්ටල් අදිය අයත්ය.
එහෙත් දැනටමත් මේ මන්ත්‍රිවරුන් බහුතරයක් සිය සෘජු ප්‍රතිපාදන යටතට ගැනෙන පාසැල් පොත් වෙනුවෙන් ලක්ෂ 5 ඉක්මවා ගෙන තිබේ.මේ පසුබිම යටතේ සැබැවින්ම තවත් මෙවන් සෘජු ප්‍රතිපාදන වෙනුවෙන් ඉඩ සලසා ගැනිම යනු සැබැවින්ම බරපතල මුල්‍ය වරදකි. තතු එසේව තිබියදි දැන් මිගමුවේන් පිටපළාත්වලට බෙදිම සදහා ක්‍රිඩා භාණ්ඩ,සිමෙන්ති,වැසිකිලි ආධාර, වීදි ලාම්පු සහ කාය වර්ධන කට්ටල් ඉදිරි දිනවලදි මිගමුවෙන් පිට ගම්පහ දිස්ත්‍රික්කයේ අනිකුත් ආසන සදහා බෙදිමට නිමල් ලංසා වෙත ප්‍රදානය කරනු ඇත.
මිගමුවේ බදු ගෙවන ජනයාගේ මුදල් වැය කරමින් ගනු ලබන භාණ්ඩ බෙදා දෙනු ලබන්නේ කාටද යන්න ගැන මහනගර සභාවේ ගිණුම් අංශය මෙන්ම විගණන අංශවලද අවධානය යොමුකළ යුතුව තිබේ.
එපමණක් නොව මේ ගැන නිරන්තර අවදියෙන් සිටින ලෙස අයුක්තියට එරෙහිව කටයුතු කරනු ලබන සැමගෙන්ද ඉල්ලා සිටිමු.
වංචා දුෂණ වෙනුවෙන් වැඩකරනවා යැයි විදේශ ආධාර පවා ලබන මිගමුවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මීගමුවේ සිදුවන මේ කප්පරක් වංචා ගැන මික් කියන්නේ නැත.මේ යථාර්ථය තුල රාජ්‍ය නොවන සංවිධාන පවා මග හැර ඇති මේ බරපතල වගකිමට උරදිමට මිගමුවේ උගත් බුද්ධිමත් ජනයා පෙළගැසෙනු ඇතැයි අප විශ්වාස කරමු.
ඒ අනුව මහජන බදුමුදල් වලින් මන්ත්‍රි ප්‍රතිපාදන වලට වෙන්වු මේ මුදල් හරහා  මිළට ගැනිමට නියමිත භාණ්ඩ බෙිදිම සැබැවින්ම දැවැන්ත වංචාවකි.
මේ අයථා ගණුදෙනුවට ඉඩ සලසමින් ආණ්ඩු පක්ෂයේ  සියළුම මන්ත්‍රිවරුන්ගෙන් මුදල් ගණන සදහන් කර නොමැති  ලිපියකට අද නගරාධිපතිවරයා විසින් අත්සන් ගෙන ඇතැයි වාර්ථා වේ. මේ අනුව අවම වශයෙන් ලක්ෂ 50 කට වැඩි වටිනාකමකින් යුතු භාණඩ මිගමුවෙන් පිටතට යන අයුරු දැකගත හැකි වනු ඇත.
මිගමුවේ මහජන බදු මුදල් වලින් පස්සරටත් බඩු බෙදු නිමල් ලංසාලාට ගම්පහ තවත් කජ්ජක්ද ?කෙසේ වෙතත් තමන්ගේ සෘජු ප්‍රතිපාදන මෙසේ අඩුවිම ගැන
කණස්සල්ලට පත්ව සිටින ඇතැම් මන්ත්‍රිවරු නගරා සභාවේ මුළු ගානේ කසුකුසු ගාමින් සිටිනු දැකිය හැකි විය.