අනවසර නිවසේ පදංචියත් සිදුවේ. නගරසභාව මර නින්දේ ?

0
181

IMG-20200207-WA0013

දළුපත , මෙතෝදිස්ත දේවස්ථානය පසුකර යන විට මුනගැහෙන මංසන්ධියේ තැනූ නිවස අනවසර බව විශාල ජන විරෝධයක් මධ්‍යයේ පැහැදිළි විය. නමුත් සියල්ල සිදුවීමට ඉඩහැර අදාල බලධාරීන් මුනිවත රකිමින් සිටි අතර මෙම නිවසේ අයිතිකරුවන් එහි පදිංචි විය. ඔහු හොර පාරේ ගොස් තැනූ මේ නිවසේ විදුලි කනු දෙකකි. ඉන් එකක් මෙම නිවසේ තරප්පු පෙළ සමඟ එකට සිටී. විදුලි රැහැන් අතින් ඇල්ලිය හැක. මේවා මෙසේ තිබියදී තාක්ෂණ නිලධාරිණිය ප්‍රදේශවාසීන් ගොනාට ඇන්දවූ අතර නගරසභාවේ අනෙකුත් නිලධාරීන් ද සියල්ල සිදු වීමට ඉඩ සලසන ලදී. මේ සඳහා වගකිවයුත්තන් නිහඬ කිරීමට වැය කළේ යාළු කම පමණක් දැයි අපි නොදනිමු . මන්ද මීට පෙර ඔහු නිමල් ලංසා සහ දයාන් ලංසා තමන්ගේ යහළුවන් බැවින් , ප්‍රදේශවාසීන් ඉදිරියේ තමන්ගේ අරමුණ ඉටුකරගැනීම සපත කර තිබින .IMG-20200207-WA0010
එසේම මේ ස්ථානයේ වැසි දිනවල ගමන් කිරීමට පවා අපහසු ස්ථානයක් බව අප දන්නෙමු .මේ අනුව මෙහි කානුව බැඳ ඇති ආකාරයට ජලය ගලාගෙන යාමට ඉඩ කඩ ප්‍රශ්ණයක් පවතින හෙයින් ඉදිරියේදී මෙම ස්ථානය ජලයෙන් යටවන ආකාරය දැක ගතහැක.
මීගමුව නගරසභාවට මේ ගැන කියන්නට තවත් යමක් ඉතිරි වී තිබේදැයි නොදනිමු . තවත් නිවසක් හදන්නට ඔවුන් හමුවට හෙට දිනයේ එන අයෙකුට අවාදර්ශය ලබා දී අවසන්ය . දැන් ඔවුන් යායුත්තේ එම පාරේමය. මේ අනුව යනපාර පැහැදිළිය . මේ අය හෙට දිනයේ කරන්නේද මෙයයි. මෙය දළුපත මෑතකදී සිදුකල අනවසර ගොඩනැලි කිහිපයකින් එකක් පමණි . ඔවුන්ගේ අතීතය සහ වර්තමානය තුළින් අනාගතය අවබෝධ කර ගත හැක. නමුත් එකක් පැහැදිළිව කිව යුතුය. එනම් වගකිවයුතු අය ලෙස මේ යන ගමන තුළ කොයි මොහොතේ හෝ පය පැකිලී වැටෙන බවය.