ලංසා පවුල තවත් අර්බුදයක ? අයියා මලෝ විරසක වෙති ?

0
252

NImal lansa new picලංකාවට මැද මුලන මෙන්ම මිගමුවට වැල්ලවිදිය බව මිගමුවේ ජනයා දන්නේ දැන් දශකයකටත් වඩා වැඩි කාලයක් තිස්සේය.
ඒ අනුව මිගමුව සැබැවින්ම පාලනය කරනු ලැබුවේ ලංසා පවුල විසිනි.
දැන් වාර්ථා වන්නේ ඒ පවුල අර්බුදයකට ගොස් ඇති අයුරු ගැනය. අද නගර සභාවේ අහුමුලු වල පැවැති කතාබස් අතරේ කියැවුනේ නිමල් ලංසා විසින් දයාන් ලංසාගේ හිතුවක්කාර වැඩගැන දුරකථනයෙන් කතාකොට  හොද හැටි බැනවැදි අති අයුරු ගැනය.
මේ හේතුවෙන් කිපි ඇති දයාන් ලංසා දැන් සිය සහෝදරයාගේ මැතිවරණ රැස්විම් පවා මගහරිමින් සිටින බව සැලය.
නගර සභාව තුල පැතිරයන මේ ගෙොසිප් පුවත කෙසේ වෙතත් ලංසා පවුලේ දේශපාලනය ගැන ඉතාමත් හොදින් දන්නා අයෙකු මිපුර අමතා කියා සිටියේ මෙය පවුල විසින් නිර්මාණය කරන ලද්දක් බවය.
එහි අධ්‍යක්ෂකවරයා වෙනින් කව්රුත් නොව ලංසා පවුලේ පියාය.
නිමල් ලංසා දැනට වැටි ඇති අසීරු තත්වය හමුවේ මිගමුවේ ජනයාගේ අනුකම්පාව දිනා ගැනිම සදහා මෙය කදිමට සැලසුම් කොට අධ්‍යක්ෂණය කරන ලද්දක් විය හැකි බව නම සදහන් කිරිමට අකැමති ලංසා පවුලේ දේශපාලන උප්පරවැට්ටි තිතටම දන්නා අයෙකු මිපුරට එසේ පවසා සිටියේය
මේ ආකාරයෙන්ම ඇදි යන ගැටුමක් අද ජාතික තලය පුරාද අප දකිමින් සිටින්නෙමු.ඒ අගමැති අයියා සහ ජනපති මල්ලි අතරේය.
මේ සියල්ල ගේම් බව තේරුම් ගැනිමට තවත් ටිකක් කල් ගත වනු ඇත.