මීගමු කලපු දූපත් වල දමාඇති බෝට්ටු අපද්‍රව්‍ය කාගෙද?

0
245

IMG-20200214-WA0027IMG-20200214-WA0015

මීගමු කලපුව යනු කඩොලාන ශාඛ සහ විවිධ ජීවීන් ජීවත්වන සුන්දර පරිසරයකින් හෙබි දූපත් 11කින් සමන්විත කලපුවකි.මෙම කලපුවේ සිදුවන පරිසරයට හානිකර දෑ නිසා විනාශයට ලක්වෙමින් පවතින බව විද්වතුන් සහ බහුතරයක් වූ ධීවර ජනතාවගේ අදහසයි . එසේ තිබියදී මුන්නක්කරය ප්‍රදේශයේ සමහර සමාජ සේවකයින් ලෙස පෙනීසිටින පුද්ගලයින්ද කලපුව ආරක්ෂා කරන මුවාවෙන් පෙනී සිටිමින් කලපු විනාශය සඳහා මග පාදති. මුන්නක්කරය බෝට්ටු හදන යාත්‍රාංගනයක ඉතිරි වන අබලි ද්‍රව්‍ය සියල්ල දමන්නේ එම දූපතකටය. එහි කඩොලාන ශාඛ අතරට දමන එම අපද්‍රව්‍ය ඔහු එම ස්ථානයේ පුළුස්සා දමා තිබින. මෙම ක්‍රියාව නිසා එහි ඇති කඩොලාන ශාඛද පිලිස්සී තිබෙනු දැකිය හැක. මෙම යාත්‍රාංගනය අයිතිකරු මනුවෙල් නම් තැනැත්තකු බව මුන්නක්රයේ ධීවර ජනතාව දන්නා නමුත් ඔහු පිටුපස ප්‍රබල දේශපාලකයින් සිටින නිසා මෙම පරිසර විරෝධී ක්‍රියාවන්ට කිසිවෙකු මැදිහත් වීමට බිය පල කරති.IMG-20200214-WA0010

මේ අතර ඊයේ (14) පරිසරය රැකගැනීම අරමුණු කරගත් “හුස්ම ගැනීමට ඉඩ දියව් ” යන ⁣තේමාව යටතේ සංවිධානය කර තිබුනු පාපැදි පෙලපාලියට පිරිසක් බාධා කිරීමට මැදිහත් විය. ඉහතකී බෝට්ටු යාත්‍රාංගන හිමිකරුද එම පිරිස සමඟ මෙම බාධා කිරීමේ කටයුත්තට මැදිහත් වී සිටිනු දක්නට ලැබින . “වෙනසක තාරුණ්‍ය”
සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම පාපැදි පෙලපාලිය කාලයක් තිස්සේ සැලසුම් කල එකක් බව එහි සංවිධායක වරු පවසද්දීත් බීගත් සමහරුන්ගේ හැසිරීම පිළිකුල් සහගත විය.IMG-20200214-WA0011
මේ දිනවල මෙකී තත්වයන් මත මීගමු කලපුව පිළිබඳව දැඩි උනුසුම් තත්වයක් නිර්මාණය වී ඇත .ඊට ප්‍රධාන හේතුවක් වන්නේ පසුගිය දිනවල මුන්නක්කරය ප්‍රදේශයේ රෙජින පාර අසල ඇති කුට්ටිකාඩුව නම් දූපතේ පිට්ටනියක් හැදීමට ගත් උත්සාහයක් පිළිබඳ මතුවූ කතිකාවක් සමඟය. මේ සඳහා මෙම ස්ථානයේ කඩොලාන කැපීමට එරෙහිව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුවක්ද දමා ඇත. මීට පෙර ගුරුගේ නම් ව්‍යාපාරිකයා විසින් එක් දූපතක් අල්ලාගෙන එහි හෝටලයක් ඉදිකර තිබීම ගැන ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධතාවයක් දැක්වූ නමුත් ඔහු තමන්ගේ අරමුණ ඉටුකරගැනීමට සමත්වී ඇත . මේ සියල්ල පිටුපස දේශපාලකයින් සුපුරුදු ලෙස තමන්ගේ පටු අරමුණු ඉටුකරගැනීම සඳහා ජනතාව බිල්ලක් ලෙස යොදාගෙන ඇත.IMG-20200214-WA0012

ඊයේ(14) “වෙනසක තාරුණ්‍ය ” සංවිධානය විසින් සංවිධානය කරන ලද පාපැදි පෙලපාලියට කොතලාවල පාලම අසලදී බාධා කිරීමට මැදිහත් වූයේද ඉහතකී තත්වය මෙම වැඩ සටහන සමඟ පටලවා ගැනීම නිසාබව එහි සංවිධායක වරු පවසති .
දැන් දේශපාලකයින්ද තමන්ගේ අරමුණ කරා යාමට මෙම තත්වය දඩමීමා කරගන්නා බව අපි දනිමු . එබැවින් අප මෙහිදී සඳහන් කරන්නේ ධීවර දරුවන්ට පිට්ටනියක අවශ්‍යතාව මතු කර ඉන් තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට දඟලන දේශපාලකයින්ට නොරැවටෙන ලෙසයි. මෙය උගුලක් බව ඉතා පැහැදිළිය.