ධීවර දරුවන්ට බිච් වොලිබෝල් තහනම්ෙව්.?

0
57

මීගමුවේ පිහිටි කැටමරයන් හෝටලය පිටුපස වෙරළේ ඒ පළාතේ ධීවර දරුවන් වොලිබෝල් පිටියක් තනාගෙන දැනට කාලයක සිට එහි ක්‍රිඩා කරති.එහෙත් දැන්  එයට තහංචි පැණවෙන්නට පටන් ගෙන ඇත්තේ කැටමරන් හෝටලයේ ආරක්ෂක අංශය විසිනි.
මේ දරුවන් වෙත පැමිණි එක් ආරක්ෂකයෙක් පවසා ඇත්තේ හෝටලේ පිටුපස වොලිබෝල් සෙල්ලම් කිරිමට ඉඩනොදෙන ලෙස මීගමුව නගාරික මන්ත්‍රි දයාන් ලංසා පවසා ඇති බවය.
මෙහිදි ඔවුන් පවසා ඇත්තේ වෙරළ යනු පොදුවේ කාටත් අයිති තැනක් බවය.

කෙසේ වෙතත් මීට සුළු වෙලාවකට පෙර එහි පැමිණි පොලිසිය මේ ධීවර තරුණයන්ට පවසා ඇත්ෙත් 119 වෙත කිසියම් පිරිසක් පැමිණිල්ලක් කර ඇති නිසා තමන් පැමිණි බවත් නගර සභාවෙන් හෝ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නැතිව ක්‍රිඩා කිරිම තහනම් බවය.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන්ගේ අයිතිය වෙනුවෙන් ඉදිරියේදි මැදිහත් වන බවය.