මීගමුවේ වෙරළ අයිති කාටද..??

0
104

මීගමුවේ වෙරළේ අයිතිය දැන් බරපතල තර්ජනයකට ලක්ව ඇත. අනාදිමත් කාලයක සිට එය පරිහරණය කළ ධීවරයන්ගේ අයිතියට අද අභිෙයා්ග කරන්නට පටන් ගෙන ඇත්තේ හෝටල් හිමියන් සහ  දේශපාලකයන් විසිනි.

මේ තරුණයන් අද දවසේ නිදහසේ වැල්ලේ වොලිබෝල් ක්‍රිඩාකරද්දි පොලිසිය එතනට ඒවා ඔවුන් අත්අඩංගුවට ගන්නා බවට කළ තර්ජන පිටුපස සිටින්නේ කව්ද…පුංචියට හදාගත් මේ ස්ථානයේ මේ තරුණයන් පහුගිය කාලයේදි වොලිබෝල් ක්‍රිඩාවේ නිරත විය.
එහෙත් මේ තරුණයන්ගෙන් දැන් ඒ නිදහස උදුරාගෙන ඇත.

බිච් පාක් එකේ පිහිනුම් තාටකයක් ඉදිකිරිම සියළු වෙරළආරක්ෂක නිතිවලට පටහැනිය . ඒ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දුන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙක් පවසා සිටියේ කිසි ලෙසකින් වත් පිහිනුම් තාටකයක් වෙරළේ ඉදිකිරිමට අවසර නැති බවය. අප ඒ ප්‍රකාශය මිපුර පුවත්පතේද පළකළෙමු.
එහෙත් දැන් ඒවා සිදුවෙමින් තිබේ.
වැල්ලේ ස්ථිර මාළු අලෙවි සැලක් ඉදිකරන්නේ කෙසේද..? නිතියේ නැති ඉඩ මීගමුවේදි වෙනස්කරගන්නා ක්‍රම සහ විධි දේශපාලකයන් දනි.
එපමණක්ද නොව රටටම ප්‍රචාරය කර වැල්ලේ බිච් වොලිබෝල් තරග පැවැත්විමටද හැකිය.එහෙත්
අවසර නැත්ෙත් වැල්ලිවිදියේ සහ කුඩාපාඩුවේ මේ අහිංසක තරුණයන්ට පුංචියට අටවාගත් දැලකට උඩින් වොලිබෝලයක් යැවිමටය.