ඉතාලියේ කොරෝනා මරණ ගණන 52 ක දක්වා ඉහලට ! ආසාදිතයන් 1835 !

0
98

 

Coronavirus: check point sanitario a pronto soccorso di Brescia

ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගණන 52 ක දක්වා මේ වන විට ඉහල ගොස් තිබේ.එමෙන්ම ආසාදිතයන් ගණන 1835 කි. වෛරසය පැතිර යාම ආරම්භ විමත් සමගින් මේ වන විට 149 දෙනෙකු සුවය ලබා ඇති බව එරට රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.මේ අනුව ඉතාලිය තුල කොරෝනා ආසාදිතවු මුළු ගණන 2036 ක් වේ.
මිලානෝ නුවර සිට ජනප්‍රිය වෙබ් අඩවියක් පවත්වාගෙන යන වෙබ් මාධ්‍යකරුවෙකු වෙන ලක්දේස් විජේසිංහ මේ ගැන සිය මුහුණු පොතේ මෙවන් සටනක් තබා තිබුණි.

කොරෝනා රෝගීන් 2036ක් ලෙස ඉතාලියේ වාර්තා වන විට ඉන් 149 දෙනකු නැවත සුව වී ඇති අතර මරණ 52ක් වාර්තා වී තිබේ.අද දින සුපුරුදු පරිදී මිලානෝ උමං දුම්රිය සාමාන්‍ය පරිදී ජනතාවගෙන් පිරි තිබුනී.එම උමං දුම්රිය භාවිතා කරන ජනතාවගෙන් කිහිප දෙනේකු පමනක් ආරක්ෂාකාරි ලෙස මුහුණු ආවරණ පැළද සිටියත්, බොහොමයක් පිරිස කිසිදු බියකින් තොරව ගමන් කරම බවක් පෙනුනී. ජනතාවගේ අනාරක්ෂිත හැසිරීම හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සීග්‍ර වනු ඇත. මෙම තත්වය තුරන් කිරිමට හැකි වන්නේ ජනතාවගේ සහයෝගය මත බව ජනතාව අමතක නොකල යුතුය.