කුරණ ප්‍රෙද්ශයේ නිවසක ඩෙංගු මදුරුවන් සිටීම නිසා මීගමු නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් එම නිවාස හිමියන්ට නඩුවක් පවරා තිබේ. මෙම නඩුව දැමීමට පෙර මිගමුව නගර සභාවේ නගරාධිපතිවරයාගේ රියදුරා විසින් නඩු නොදමා සිටිම වෙනුවෙන් එම නිවසේ කාන්තාවගෙන් රු 5000ක අල්ලසක් ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් මෙම කාන්තාව විසින් ඊයේ (06) නගර සභාවට පැමිණ දෝෂාරෝපණයක් කර තිබේ. ඇය පවසා ඇත්තේ නඩු නොදමා සිටීමට තමාගෙන් මෙම රියදුරා රු 5000ක් ගත් බවත් එසේ වුවත් මේ වනවිට තමන්ට නඩුවක් පවරා ඇති බවත්ය.