නගරයේ මැද අනවසර ගොඩනැගිල්ලක් ඉදිවෙයි

0
92

මීගමුව නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට  කලාපීය බතික් ව්‍යාපාරික ස්ථානයට දකුණින්
(අංක 57/රාජපක්ෂ බ්‍රෝඩ් වේ) අලුත් කඩයක් ඉදිකිරීමට ආරම්භ කර ඇත. මෙම ස්ථානයේ
පෙර සපත්තු මහන්නෙකු රැකියාව කළ අතර මේ වන විට එතැන සම්පූර්ණයෙන්ම හිස්කර
මෙම ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතී.  මෙම ස්ථානය කාලයක පටන් බස් නැවතුම්පලක් ලෙස පරිහරණය කරන අතර මෙම අනවසර ඉදිකිරීම නිසා මිනිසුන් බස් එනතුර සිටින්නට
සිදුවන්නේ එයට පිටුපසින් ඇති ගොඩනැගිල්ලට යන පාරේය.
ඔරලෝසු කණුව ඉදිරිපිට ඉදිවෙන මෙම ගොඩනැගිල්ල ඉදිකිරිමට ප්‍රදේශයේ ප්‍රබල
දේශපාලනඥයෙකුගේ පුතෙකු සම්බන්ධ  බවට වාර්තාවේ.

මීගමුව මහ නගර සභාවට දැනට මාස  6කට පෙර  දි වෙරළතීරුවේ අනවසර ඉදිකිරීම් සම්බන්ධව
රොයිස් විජිත මන්ත්‍රීවරයා විසින් යෝජනාවක් ගෙන ආ වෙලාවේදී නගරාධිපති විසින්එම
යෝජනාව මුළු නගරයටම අදාළ කරමින් නැවත සංශා්ධනය කරමින් ඉදිරිපත් කරන ලෙස
යෝජනා කරන ලදී.

නගරය කොයිතරම් ආරාජික දැයි මින් පෙනි යයි. මේ නගරය අයත් වන්නේ ආණ්ඩු පක්ෂයේ පවුල් දෙකකටද නැතිනම් මේ නගරයේ ජන්දදායකයන්ටද???