චීන්නු ඉඹලා පිළිගත් පවිත්‍රලා මව්රට එන විදෙස්ගත ශ්‍රිලාංකිකයන්ට කුඩම්මාගේ සැලකිලි ඇයි ?

0
85

pavithraඉතාලියේ තත්වය අති බිහිසුණු වෙමින් තිබේ. ඊයේ දිනයේ පමණක් කොරෝනා වැළදුන රෝගින් 168 ක් මිය ගොස් තිබුණි. මේ නිසාම එහි වෙසෙන ශ්‍රිලාංකිකයන් පසුවන්නේ සැබැ භිතියකිනි.
මේ වන විට මුලු ඉතාලියම වසා දැමු තත්වයකි. නිදහස් යෑම් ඊම් සිමා කොට තිබේ. ඒ වේගයෙන් පැතිර යන වංසගත තත්වය පාලනය කිරිම සදහාය.
කොටින්ම කියන්නේ නම් අත්‍යව්‍යශ්‍ය හේතුවක් මත පමණක් ශ්‍රිලාංකාවට පැමිණිම සදහා ඉතාලි බලධාරින් අවසර ලබා දි ඇත්තේද ශ්‍රිලාංකාව ගැන සිතාය.
එසේ නොවි ගුවන් තොටුපලට ගිය ඇතැම් පිරිස් හරවා එවිමටද ඉතාලි බළධාරින් කටයුතු කර තිබුණි.
මේ අනුව ලංකාවට මේ පැමිණෙන පිරිස පැමිණෙන්නේම මර බියද සමගින් ජිවත්වු දේශයක සිටිය.
ඒ අය සිය මව්රටට පැමිණිමේදි පවතින බිය පහව යන කිසියම් විශ්වාසදායි හැගිමක් සැබැවින්ම ජනිත විය යුතුය.
එය සිදුවන්නේ ගුවන්තොටේ සිට ඔවුන්ට සලකන ආකාරයටය.
එහෙත් පසුගිය දිනවල අපට අසන්නට ලැබුන කථා දකින්නට ලැබුන විඩියෝ මාර්ගයෙන් ප්‍රකාශ මාන වි තිබුනේ මව්රටට මරබියෙන් පැමිණි ජනතාවක් කිසියම් විශ්වාසයක් ජනිත වන අයුරකින් පිළිගැනිමට අදාල බලධාරින් අපොහොසත්ව ඇති බවය.
එතැන් පටන් සියල්ල අවුල් වන්නේ නිරායාසයෙන්මය.
නිරෝධායන වැඩපිලිවෙල අරභයාද දැන් ගැටළු රැසක් පැන නගි තිබේ. ඒවාට යම් යම් අවස්ථාවලදි වඩාත් සාධාරණ ලෙසින් විරෝධය පළකර සිටි අයට එරෙහිව කිසියම් සංවිධාන්තමක පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ මඩප්‍රහාරයන් එල්ල කරමින් සිටින අයුරු දැන් වඩාත් පැහැදිලිය.
ඉන් කියැවෙන්නේ එක් දෙයකි.
ඉඹලා චීන්නු පිලිගත් පවිත්‍රාලාට සිය රට පැමිණ ලාංකිකයන් ආදරයෙන් පිලිගැනිමට නොහැකිවිමේ යථාර්ථයයි.,ට
එක අතකට ඒ අයටත් මෙය හොද පාඩමකි.
ඒ මන්දයත් ඒ අය පිට රටවල සිටියදි බයියන් තමන්ගේ දෙයියන් සේ සලකා දේශප්‍රේමයෙන් ඔද වැටි සිංහ කොඩි ලෙලවමින් රටට ආදරය කරන්නට යෑම නිසාය.
දැන්වත් තේරුම් ගනිල්ලා මේ බයියන් වැඩියෙන්ම ආදරේ උඹලට නෙමේ චීන්නුන්ට කියලා යැයි අවසන් වශයෙන් දැන් අපට කියන්නට සිදුව තිබේ.
රොෂාන් සපරමාදු – මිගමුව