”සරා සිහින” බලන්න ආපු අයට වතුර බෝතල් තහනම් කළේ ඇයි?

0
70

ආවේ මරියා පාසැල යනු යහපත් එඩේරාගේ කන්‍යාසොහොයුරියන් විසින් පවත්වාෙගන යනු ලබන පාසැලකි.මීගමුවේ වැඩිම මිළක් අයකරනු ලබන පුද්ගලික පාසැල වන්නේද එයයි.
පාසැලට ආදායම් මාර්ග වැඩිකරගැනිම සදහා සරා සිහිනය නම් වු ප්‍රසංගයක් පාසැලේ සංවිධානය කර තිබුන අතර එහි ප්‍රවේශපත්‍රයක අවම මිළ රු500 ක් විය.
පාසැලේ සිසු දරුවන්  හරහා මේ ටිකට් පොත් අලෙවි කිරිමටද කටයුතු යොදා තිබුන අතර දැවැන්ත සෙනගක් ඊට සහභාගිව සිටියහ.
මේ ප්‍රසංගයේ එකම ප්‍රාර්ථනාව වි තිබුනේ මුදල් හම්බ කිරිම විය යුතුය.ඒ වෙනුවෙන් යහපත් එඩේරාගේ කන්‍යාෙසාහොයුරියන් තෝරාගෙන තිබුනේ මේ යුගයේ ඉහල මිලකට කලාව විකුණන ශිල්පින් දෙදෙනෙකි.
ඉන් කියැවෙන්නේ ආවේ මරියාවන්ගේ සංස්කෘතික තේරිමද එවැන්නක්ම බවය.පාසලේ විනය පවත්වාගෙන යැම වෙනුවෙන් මේ නුතන යුගයේ තරුණියන් අතර ක්‍රියාත්මක බොහෝ දේ සම්බන්ධයෙන් සිමාපනුවන පාසැල් ගුරු මණ්ඩලය මුදල් හම්බ කිරිම වෙනුවෙන් ගනු ලැබ ඇත්තේ පාසැලේ  ප්‍රවර්ධනය කළ යුතු සංස්කෘතික ආකල්පයට වඩා වෙනස් වුවකි.
මේ සම්බන්ධයෙන් පාසැලට පත්ව ආ නව විදුහල්පති කන්‍යාෙසාහොයුරිටද ගැටළු ඇති බව දැනගන්නට ඇත.
බල්ලන් මරා හෝ සල්ලි හබ්බ කරන න්‍යායයට ගිය විට යහපත් එඩේරන්ට පවා ප්‍රතිපත්ති අමතක වන බව මතු කරලිම මේ සටහනේ අරමුණයි.
මේ එක් අත්දැකිම් පමණි.
අපගේ නිවස අසල වු ආවේ මරියා සිසුවියක් විසින් ඇයට විකණන්ට දි තිබුන රු 500 ටිකට් පොත් අවට සැමට විකුණා තිබුන අතර එදින මේ නිවස අවටින් පමණක්මේ ප්‍රසංගය බලන්නට ගිය දරුවන් පිරිස ු 10 දෙනෙකුට වැඩිය.
ඉතින් රු 5000 ක් පමණ බර පැන මේ වෙනුවෙන් දැරිම නිසාත් තවත් වැය ගැන පරිස්සම් විම සදහාත් තිබහට මේ සෙනග ගොඩවල් මැද්දේ වතුර සොයා ගැනිම අපහසුවේදෝයි සිතු නිසා ප්ලාස්ටික් වතුර බෝතල් තුනක් මේ දරුවන් විසින් එදින රැගෙන ගොස් තිබුණි.
එහෙත් කිසිදු හේතු දැනුම්දිමකින් තොරව පාසැලේ ආරක්ෂක නිළධාරින් විසින් මේ වතුර බෝතල් ඇතුලට ගෙනයාම තහනම් කර තිබුණි මේ නිසා පිවිසුම් ගේට්ටුව අසල විශාල වතුර බෝතල් ගොඩක් දක්නට තිබුණි.
මේසේ  කළේ ඇයි ?
මේ පාර අවට කෝකා කෝලා ප්‍රචාරක බැනර් එල්ලා ඇති අයුරුද දැක ගත හැකිවිය.
සල්ලි හම්බකිරිම සදහාම දේවල් තෝරන විට යහපත් එඩේරුන්ටත් සිය දහමේ ම්‍ුලික ප්‍රතිපත්ති අමතක වන බවට තවත් උදාහරණ අවැසිද..???