මීගමුවට ධීවර නියෝජ්‍ය ඇමතිකම..

0
52

අද දිනයේ සිදුවිමට නියමිත කැබිනට් සංශෝධනයේදි මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතාට ධීවර නියෝජ්‍ය ඇමතිධුරය ලැබෙන බව වාර්ථා වේ.
මිට කාලයකට පෙර බස්නාහිර පළාත් සභා ආමාත්‍ය නිමල් ලංසා මහතාගේ නිවෙස ඇතුළු ඔහුගේ හිතවතුන්ගේ නිවෙස් විශේෂ බලකායේ විමසුමට ලක්විමෙන් පසු ජනාධිපතිවරයාද එහි පැමිණ කලින් සැලසුම්කරන ලද ටෙලිනාට්‍යක කොටසක් රගදක්වනු ලැබිය.
ඉන් අනතුරුව නිමල් ලංසාගේ හිතවතුන් පවසා සිටියේ එවකට යෙදි තිබුන ජනපතිගේ විදේස් සංවාරයෙන් පසු මීගමුවේ ආසන සංවිධායකධුරයට නිමල් ලංසා පත්කිරිමට නියමිත බවය.
එහෙත් ඒ සිහිනයක් පමණක්ම විය.
මීගමුවට ධීවර ඇමැතිධුරය ලැබිම යනු ජනපතිගේ විශේෂ අවධානයක් ඇමති සරත් ගුණරත්න වෙත යොමුව ඇති බවය.
ලංසා සරත් ගැටුමේදි මේ වර්ධනය ජනපති පිලේ ආශිර්වාදය ඉහලින්ම ලබන්නට සරත් ගුණරත්න ඇමතිවරයා වාසනාවන්ත වි ඇත.