නාත්තන්ඩිය,මාරවිල අවට ඉතාලියෙන් පැමිණි 65 කට නිවසින් බැහැර නොයන ලෙස උසාවිය නියෝගයක් !

0
142

c&wඉතාලිය ඇතුළු විදේශ රටවල් කිපයකින් පැමිණ ඇති පුද්ගලයින් 65 දෙනෙකුට දින 14 ක් යන තුරු නිවෙස් තුළ රැඳී සිටින ලෙස මාරවිල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් හේෂාන්තද මෙල් මහතා තහනම් නියෝගයක් ඊයේ  (18) නිකුත් කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි.

නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම තහනම් නියෝගය නිකුත් කළේය.

මහෙස්ත්‍රාත්වරයා මෙසේ තහනම් නියෝගය නිකුත් කළේ නාත්තන්ඩිය , මාවිල , කටුනේරිය , මාරවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකටය.

දන්ඩ නීති සංග්‍රහයේ 263 වන වගන්තිය ප්‍රකාරව අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 136 (ආ) වගන්තිය අනුව වර්ග කිලෝ මිටර් 74.4 භුමියක පිහිටි  නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 68,406 ක් වූ ජනතාවකගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබේ.

ඉතාලිය ඇතුළු රටවලින් පැමිණි පිරිසෙන් 65 දෙනෙකු කිසිඳු නිරෝධායන කටයුත්තක නිරත නොවී සෙසු ජනතාවගේ ජීවිත පවා අනතුරක හෙළමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම අධිකරණ නියෝගය ඉල්ලා සිටින බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසා සිටියේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ දිර්ඝ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ අනුව අදාල 65 දෙනාට වෙන වෙනම අධිකරණ නියෝගය නිකුත් කිරීමට කටයුතු කළේය.

ඒ අනුව අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සෞඛ්‍ය නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව කිසිම ලෙසකින් නිවසින් දින 14 ක් යන තුර බැහැරව නොයන ලෙසට අවවාද කරමින් මහෙස්ත්‍රාත් හේෂාන්තද මෙල් මහතා අදාල නියෝගය නිකුත් කළේය..
මුලාශ්‍රය-ලංකාදිප