ජාඇල සහ වත්තලටත් පොලිස් ඇඳිරි නීතිය-පුත්තලමට පැනවූ ඇදිරි නීතිය තවදුරටත්

0
436
Police officers patrol the area around Dawatagaha mosque ahead of prayers on Friday in Colombo, Sri Lank
Police officers patrol the area around Dawatagaha mosque ahead of prayers on Friday in Colombo, Sri Lank
Police officers patrol the area around Dawatagaha mosque ahead of prayers on Friday in Colombo, Sri Lank

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්විමේ අරමුණින් කැලණිය පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ වත්තල සහ ආඇල පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඊයේ(19) රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඇඳිරි නීති කාලය තුළදී සියලුම පුද්ගලයින් තම නිවස තුළ රැදී සිටි යුතු බව පොලීසිය පවසයි.

එම ප්‍රදේශ හරහා ගමන් කරන පොදු මගී සේවා වාහන සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ අවසර හිමි වනු ඇති.

කටුනායක ගුවන්තොටුපල වෙත ගමන් ගන්නා ගුවන් මගීන් සඳහා ගුවන් ටිකට් පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කළ හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මේ අතර ඊයේ පස්වරු 02.00 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව, කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි පනවා තිබේ.

පොලීසිය සඳහන් කළේ නැවත දැනුම් දෙන තුරු අදාල ප්‍රදේශ සඳහා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙලෙස ඇතැම් ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුව ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.