ඉතාලියේ ලොම්බර්දියා පළාත අප්‍රේල් 15 දක්වා ලොක් ඩවුන් !

0
79

90608682_205157924153831_3624301688803819520_nකොරෝනා වසංගතය ආරම්භක අවදිය සැහැල්ලුවෙන් තැකීම හේතුවෙන් පලනය කර ගත නොහැකි තැනට ඉතාලිය පත්වී තිබේ.මුල් සති කිහිපය තුල මරණ වාර්තා නොවුනත් රොගයේ ස්බාවය අනුව මේ වන විට දිනෙන් දින වාර්තා වන මරණ සංඛයාව අති විශාලය.ඊයේ දිනයේ පමනක් වාර්තා වූ මරණ සංඛයාව 793ක් ලෙස වාර්තා විය.

මේ වන විට ඉතාලියේ පාලනය කරගත නොහැකී තරමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී අවසන්‍ ය.ඉතාලි රජය අශ්වයා ගිය පසු ඉස්තාලය වැසිම හේතුවෙන් ඊයේ දවස නිම වන විට කොරෝනා රෝගීන් 53.578 ක් ඉක්මවා ඇති අතර කොරෝනා වෛරසයට ගොදුරු වූ අතී විශාල ( 3000ඉක්මනවා ඇති බව නිල නොවම ආරංචි මාර්ග සදහන් කරයි) වෛද්‍ය වරු සහ රෝහල් සේවකයන් ප්‍රමානයක් මේ රෝගීන් අතර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොරෝනා වෛරසය තවත් ව්‍යාප්ත වීම අවම කර ගැනිම පිනිස ඉතාලියේ ලොම්බර්දියා පළාත තවදුරටත් ලොක් ඩවුන් කිරිමට ඉතාලි බලධාරීන් විසින් තීරණය කර ඇත.ඒ අනුව ලබන අප්‍රේල් 15 වනදා දක්වා ලොම්බර්දියා පළාත වසා දමනු ඇත.

www.badusure.info

11 views

Recent Posts