නස්මියාර් ආණ්ඩුවේද ?විපක්ෂයේද?කියන්න මැලිවෙයි.

0
102

මීගමුව මහනගර සභාවේ මේ වසර සදහා වු පළමු මුදල් කාරක සභා රැස්විම ඊයෙේ පැවතිණි. මෙවර විපක්ෂය නියෝජිනය කරමින් එහි සිටින්නේ නස්මියාර් මන්ත්‍රිවරයාය.
විශේෂයෙන්ම නගර සභා සේවකයන්ෙග් රුධිර පරික්ෂාව සදහා ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව එය හේමාස් ආයතනය වෙත ලබාදි තිබිම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණයක් මතුව තිබුන අතර මේ පළාත් පාලන මුල්‍ය ක්‍රියාපටිපාටියට මුළු මනින්ම පටහැනි ප්‍රවේශයකි. මේ පිළිබදව විපක්ෂයේ මුදල් කාරක සභිකයා ලෙසින් සිදුකළ යුතුව තිබුන මැදිහත්විම යනු නස්මියාර් මන්ත්‍රිවරයා සිටින්නේ කොයි පැත්තේද යන්න ප්‍රකාශමාන කෙරෙන ලිට්මස් පරික්ෂණය වි තිබුණි.
එහෙත් මේ මන්ත්‍රිවරයා මේ ප්‍රශ්ණය ගැන කිසිදු මැදිහත්විමක් කර තිබුනේ නැත.
මේ සම්බන්ධයෙන් අප ඔහුගේ අදහස් විමට ජංගම දුරකථනයට ඇමැතුම් කියපයක්ම ලබාදුන්නද ඔහු පිළිතුරු දිම මහහැරියේය.